නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ 15ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව ඊයේ (03) සහ පෙරේදා (04) ත්‍රිකුණාමලය බෝල්ඩර් තුඩුව අසල මුහුදු ප්‍රදේශයේ, වලායිතොට්ටම් වෙරළ ප්‍රදේශයේ සහ නෝර්වේ දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදු කළ පුද්ගලයින් 15 දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රා 4ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 03 වනදා වළගම්බා නෞකාව මඟින් බෝල්ඩර් තුඩුව අසල මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 7 දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රා 2ක්, නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

එමෙන්ම, ලංකාපටුන නෞකාව මඟින් එදිනම වලායිතොට්ටම් වෙරළ ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදු කිරීමට සූදානම් වෙමින් සිටි පුද්ගලයෙකු සමඟ ඩිංගි යාත්‍රාවක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න ද නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

ඊයේ (04) මහවැලි නෞකාව මඟින් නෝර්වේ දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතයෙන් සහ නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදු කළ පුද්ගලයින් 7 දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රාවක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් වයස අවුරුදු 20ත් 47ත් අතර වයසේ පසුවන කින්නියා සහ පොඩුවකට්ටු යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවටයි හඳුනා ගෙන ඇත්තේ.

බෝල්ඩර් තුඩුව අසල මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් 7දෙනා, ඩිංගි යාත්‍රාව සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලී ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදී තිබෙනවා.

වලායිතොට්ටම් වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් සැකකරු ඩිංගි යාත්‍රාව සහ නීති විරෝධී ධීවර ආම්පන්න සමග ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත භාරදුන් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

නෝර්වේ දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් 7 දෙනා, ඩිංගි යාත්‍රාව සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කොඩ්බේ ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා - පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ
09:40
Video thumbnail
කාව හිරේ දැම්මත් ආණ්ඩුව එළවන වැඩේ අපි කරනවා
04:58
Video thumbnail
රතිඤ්ඤා එකක්වත් හරියට පිපිරුන් නැති රටක් මේක, දැන් හැමදාම වෙ# පත්තුවෙනවා
04:16
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
01:06
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු
00:49
Video thumbnail
සජිත් ප්‍රේමදාස 22ක ගැන සැරටම කිව්ව දේ - අධිකරණය විධායකයේ වහලෙක් කිරීමේ කුමන්ත්‍රණය 22වන ව්‍යවස්ථාව
03:59
Video thumbnail
දුම්රිය වර්ජකයින්ට මහින්දගෙන් සැර කතාවක් - කිසිදු දැනුම්දීමක් කරලා නෑ..කිසිසේත්ම අනුමත කරන්නේ නෑ
04:54
Video thumbnail
කඩාකප්පල්කාරී වැඩ අපි ළඟ නෑ - වෘත්තීය සමිති ඉතිහාසයේ සාකච්ඡා නොදුන් එකම රජය
06:34
Video thumbnail
නාමල් රාජපක්ෂ බැලීමට සීලරතන හිමි වැලිකඩට - "නාමල් ඉලන්දාරියා යස අගේට ඉන්නවා"
04:17
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55