මුහුදු මාර්ගයෙන් මෙරටට නීති විරෝධීව ගෙන් වූ රුපියල් කෝටි එකහමාරක් පමණ වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්රෑම් 75කට අධික ප්රමාණයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද තොරතුරකට අනුව ඊයේ (04) පුනරීන්, පරමන්කිරායි ප්රදේශයේ දී මෙම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙම කේරළ ගංජා තොගය ප්රවාහනය කළ පුද්ගලයා එය ප්රවාහනයට යොදාගත් යතුරුපැදිය ද අතහැර දමා පළාගොස් ඇති බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
විශේෂ කාර්ය බලකා භාරයට ගත් කේරළ ගංජා තොගය සහ යතුරුපැදිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුනරීන් පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1