නීතිවිරෝධී ධීවර ආම්පන්න භාවිත කර මත්ස්‍යයින් ඇල්ලූ දෙදෙනකු මාට්ටුයි

නීතිවිරෝධී ධීවර ආම්පන්න යොදා ගනිමින් මත්ස්‍යයින් ඇල්ලීමේ කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ ඊයේ (16) පස්වරුවේ මෙම මෙහෙයුම යාපනය – චුණ්ඩිකුලම් මුහුදු ප්‍රදේශයේ දී සිදු කළ බවයි.

මෙම මෙහෙයුමේ දී විදුලි ආලෝක ධාරා භාවිත කරමින් ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් දෙදෙනකු සමග ඩිංගි යාත්‍රා ද්විත්වයක් ද තම භාරයට ගෙන ඇති බවයි නාවික හමුදාව පැවසුවේ.

උතුරු නාවික විධානයට අයත් වෙත්තලකේනි නාවික ස්ථානගත කිරීම මගින් මෙම මෙහෙයුම සිදු කර තිබෙනවා.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 40 ක් සහ 41 ක් වන, කොන්නාන්තිව් සහ මුල්ලියාන් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගැනුණා.

සැකකරුවන්, ඩිංගි යාත්‍රා සහ නීතිවිරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරුණු බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34