නීතිවිරෝධීව මසුන් ඇල්ලූ ධීවරයින් 11ක් අල්ලයි

කිලිනොච්චිය සහ යාපනය මුහුදු තීරයේදී නීතිවිරෝධීව මසුන් ඇල්ලූ මෙරට ධීවරයින් 11 දෙනෙක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

උතුරු නාවික විධානයන්ට අයත් නාවික සෙබළුන් පිරිසක් විසින් ඊයේ (08) කිලිනෙච්චිය, කුඩාරප්පු ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී යාත්‍රා දෙකකින් නීතිවිරෝධීව මසුන් ඇල්ලූ ධීවරයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම යාපනය, වෙත්තිලකේනි, චලෙයි මුහුදු තීරයේ සිදුකරන ලද සෝදිසියකදී ද නීතිවිරෝධී ආකාරයෙන් මසුන් ඇල්ලූ ධීවරයින් 05 දෙනෙක්, යාත්‍රා දෙකක් සහ අල්ලා තිබූ මසුන් නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අත්අඩංගුවට ගත් පිරිස් වයස අවුරුදු 21 ත් 47 ත් අතර පසුවන මන්නාරම සහ හලාවත ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් පිරිස හා උපකරණ වැඩිදුර පරික්ෂණ සඳහා යාපනය හා යපනය ධීවර හා ජලජ සම්පත් කාර්යලය වෙතට බාරදීමට නාවික හමුදාව පියවර ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23
Video thumbnail
ආණ්ඩුව රටම නොමඟ යවලා - ගල් අඟුරු වංචාව DV චානක හෙළිකරපු දේ
03:15
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30