නීතියට බියවෙන සංස්කෘතියක් ගොඩනගනවා – ජනපති ජපානයේදී කියයි

නීතියට බියවෙන සංස්කෘතියක් ගොඩනැගීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපතිවරයා ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අද (28) හමුවූ අවස්ථාවේ දී මේ බව සඳහන් කළා.

පුරවැසියා නීතිය පිළිබඳ බියක් සහ නීතියට ගරු කළ යුතු බව ද සඳහන් කළ ජනාධිපතිවරයා එම සංස්කෘතිය ගොඩනැගීමට කටයුතු කරන බවයි පැවසුවේ.

එමෙන්ම රට තුළ පවතින නීති පද්ධතිය ශක්තිමත් බව සඳහන් කළ ජනධිපතිවරයා එම නීති නිසි අයුරින් ක්‍රියාත්මක නොවන බවයි සඳහන් කර සිටියේ.

නීති හැදූ පුද්ගලයින් විසින්ම එම නීතියට පටහැනිව කටයුතු කර ඇති බවත්, නීතිය පැවතුන ද එම නීතිය ක්‍රියාත්මක නොවන බව දැනසිටි බැවින් ඔවුන් එලෙස නීතියට පටහැනිව කටයුතු කර ඇති බවයි ජනධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.

ඒ, අනුව ඉදිරියේ දී පවතින නීතිය ක්‍රියාත්මකවන බවටතහවුරු කරන බවයි මෙහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?