නීතියට බියවෙන සංස්කෘතියක් ගොඩනගනවා – ජනපති ජපානයේදී කියයි

නීතියට බියවෙන සංස්කෘතියක් ගොඩනැගීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපතිවරයා ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අද (28) හමුවූ අවස්ථාවේ දී මේ බව සඳහන් කළා.

පුරවැසියා නීතිය පිළිබඳ බියක් සහ නීතියට ගරු කළ යුතු බව ද සඳහන් කළ ජනාධිපතිවරයා එම සංස්කෘතිය ගොඩනැගීමට කටයුතු කරන බවයි පැවසුවේ.

එමෙන්ම රට තුළ පවතින නීති පද්ධතිය ශක්තිමත් බව සඳහන් කළ ජනධිපතිවරයා එම නීති නිසි අයුරින් ක්‍රියාත්මක නොවන බවයි සඳහන් කර සිටියේ.

නීති හැදූ පුද්ගලයින් විසින්ම එම නීතියට පටහැනිව කටයුතු කර ඇති බවත්, නීතිය පැවතුන ද එම නීතිය ක්‍රියාත්මක නොවන බව දැනසිටි බැවින් ඔවුන් එලෙස නීතියට පටහැනිව කටයුතු කර ඇති බවයි ජනධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.

ඒ, අනුව ඉදිරියේ දී පවතින නීතිය ක්‍රියාත්මකවන බවටතහවුරු කරන බවයි මෙහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14