AFC Banner
Empty Ad
Empty Ad

නීතිපති දෙපාර්තමේන්තුවේ නිල රථයක් නිසා ස්ථානාධිපතිවරයෙකු ඇතුළු දෙදෙනකු නීතියට හිරවෙයි

නීතිපති දෙපාර්තමේන්තුවේ වාහන රැඳවුම් අංගනයේ නවතා තිබූ නිල රථයක් පැහැරගෙන ගිය එම දෙපාර්තමේන්තුවේ පෞද්ගලික ආරක්ෂක අංශයේ ස්ථානාධිපතිවරයා සහ ආරක්ෂක කළමනාකාරවරයා ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රත් තිළිණ ගමගේ මහතා අද (24) නියෝග කළා.

ලැබුණු රහසිගත තොරතුරකට අනුව වැටලීමක් සිදු කර කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (22) පෙරවරුවේ නීතිපති දෙපාර්තමේන්තුව අසල දී එම වාහනය සමග සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනා විසින් අදාළ වාහනය රහසිගත ව රැගෙන ගම්බිම් බලා ගොස් දින 03කට පසු නැවත පැමිණෙමින් සිටියදීයි මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ.

පොදු දේපොළ යටතේ ගැනෙන සාවද්‍ය පරිහරණය හා විශ්වාසය කඩ කිරීමේ චෝදනා යටතේ අදාළ සැකකරුවන් අද දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?