නීතිපති දෙපාර්තමේන්තුවේ නිල රථයක් නිසා ස්ථානාධිපතිවරයෙකු ඇතුළු දෙදෙනකු නීතියට හිරවෙයි

නීතිපති දෙපාර්තමේන්තුවේ වාහන රැඳවුම් අංගනයේ නවතා තිබූ නිල රථයක් පැහැරගෙන ගිය එම දෙපාර්තමේන්තුවේ පෞද්ගලික ආරක්ෂක අංශයේ ස්ථානාධිපතිවරයා සහ ආරක්ෂක කළමනාකාරවරයා ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රත් තිළිණ ගමගේ මහතා අද (24) නියෝග කළා.

ලැබුණු රහසිගත තොරතුරකට අනුව වැටලීමක් සිදු කර කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (22) පෙරවරුවේ නීතිපති දෙපාර්තමේන්තුව අසල දී එම වාහනය සමග සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනා විසින් අදාළ වාහනය රහසිගත ව රැගෙන ගම්බිම් බලා ගොස් දින 03කට පසු නැවත පැමිණෙමින් සිටියදීයි මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ.

පොදු දේපොළ යටතේ ගැනෙන සාවද්‍ය පරිහරණය හා විශ්වාසය කඩ කිරීමේ චෝදනා යටතේ අදාළ සැකකරුවන් අද දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30