නීතිඥ සංගමයෙන් කතානායකට ලිපියක්

නීතිඥ සංගමයේ සභාපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඇතුළු සාමාජික පිරිසක් සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී සිදුවී තිබෙනවා.

පසුගිය කාලය තුළ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුව තුළදී සහ ඉන් පිටතදී අධිකරණය, අධිකරණයේ පවතින නඩු සහ විනිසුරුවරුන් සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීම මගින් නීතියේ ආධිපත්‍යයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් සිදුවන බවට නීතිඥ සංගමය විසින් හදුනාගෙන ඇති බවයි නවරත්න මහතා මෙහිදී සඳහන් කළේ.

විශේෂයෙන් දැනට සේවයේ නිරත විනිසුරුවරුන් නම් වශයෙන් සදහන් කරමින් ප්‍රකාශ නිකුත් කිරීම ද දක්නට ලැබුණු බැවින් මෙම තත්ත්වය පිළිබදව නීතිඥ සංගමයේ කනගාටුව පළ කරන බවද ඔවුන් ප්‍රකාශ කළා.

එබැවින් මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටි නීතිඥ සංගමයේ සභාපතිවරයා මීට අදාළ ලිඛිත ඉල්ලීමක් ද කථානායකවරයා වෙත භාරදී තිබෙනවා.

මෙහිදී අදහස් දක්වමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේ මෙරට විනිසුරුවරයන් ඇතුළු අධිකරණයේ ගෞරවය ආරක්ෂා කිරීමට තමා නිරතුරුව පෙනී සිටින බවයි.

එබැවින් මේ සම්බන්ධව ඉදිරියේදී මන්ත්‍රීවරුන්ගේ අවධානයට යොමු කිරීමට අපේක්ෂා කරන බව කථානායකවරයා ප්‍රකාශ කළා.

නීතිඥ සංගමය සංගමය නියෝජනය කරමින් එහි නියෝජ්‍ය සභාපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස, ලේකම් නීතිඥ ඉසුරු බාලපටබැඳි, භාණ්ඩාගාරික නීතිඥ චමත් ජයසේකර, සහකාර ලේකම් නීතිඥ මෙහෙරාන් කරීම් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?