නීතිඥවරයෙකුගේ දූරකථනය ඉල්ලන්න පොලිසියට බලයක් නෑ – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ මහතාගේ ජංගම දූරකථනය කොළඹ අපරාධ කොට්ඨාස‍යෙන් ඉල්ලීම පිළිබඳ ව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් විශේෂ ලිපියක් නිකුත් කර තිබෙනවා.

ඒ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මතය දැනුම්දීමටයි.

එහි දැක්වෙන්නේ මෙවැන්නක්;

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කරන ලද වාචික ඉල්ලීමක් සම්බන්ධයෙන් වෘත්තීය උපදෙස් සඳහා ඉල්ලීම යි.

සාමාන්‍යයෙන් වෘත්තීය නීතිඥවරයෙකුට සිය රහස්‍ය සේවාදායක තොරතුරු අඩංගු මෙවලක් හෝ උපාංගයක් පොලිසියට භාරදීමට අයිතියක් නොමැත. ඊට බලකිරීමක් ද සිදු කළ නොහැකි ය.

මන්ද එය 1988 දරණ ශ්‍රේෂ්ඨාධිකරණ පනතේ (නීතිඥවරුන් සඳහා හැසිරීම සහ ආචාර විධි) රීතිවල 31 වන රීතිය උල්ලංඝනය කිරීමක් සිදු කරන බැවිනි.

මෙම කාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වන අප, වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරන්නෙමු. ඒ සම්බන්ධයෙන් සිදුවන ඕනෑම සිදුවීමක් පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) යාවත්කාලීන කිරීමට කටයුතු කරන බව ”ද සඳහන් වනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරයකුව සිටි තුසිත හල්ලොලුව ගමන්ගත් වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සඳහා ඔහුගේ නීතිඥයා වන දිනේෂ් දොඩම්ගොඩගේ ජංගම දූරකථනය භාරදෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය විසින් දැනුම්දීමක් කරනු ලැබුවා.

ඊට ප්‍රතිචාර දක්වමිනුයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය අදාළ ලිපිය යොමු කර ඇත්තේ.

තුසිත හල්ලොලුව මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී නාරහේන්පිට වටරවුම පාර ප්‍රදේශයේ දී පසුගිය දා (මැයි 17) රාත්‍රී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඔහුගේ වාහනයට වෙඩි තැබීමක් සිදු කරනු ලැබුවා.

එම අවස්ථාවේ දී මෝටර් රථය තුළ තුසිත හල්ලොලුවගේ නීතිඥවරයා වන නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ සිටි අතර ඔහු ද සුළු තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

තුසිත හල්ලොලුව ඉලක්ක කර ගනිමින් නාරහේන්පිට ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත මේ වනවිට භාර දී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙසයි නීතිඥවරයාගේ දූරකථනය පොලිස් විමර්ශන සඳහා භාරදෙන ලෙසට ඉල්ලා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ළමා නිවාසයේ දරුවන්ට අවුරුද්දට පියෙක් වුණ මහවැලි තාත්තා.."මෙයාලට අම්මලා තාත්තලා නෑනේ"
04:57
Video thumbnail
මේ මනුස්සයා Highway Wrong Side යන හැටි..මෙහෙම මිනිස්සු නිසා තමයි අනතුරු වෙන්නේ..
00:55
Video thumbnail
අනුරට කළ්‍යාණ මිත්‍රයව හපන්න ඉබින්න ගොඩක් කල් තිබ්බා..ගල් අඟුරු හපන්න ඕනි නෑ l Dilith Jayaweera
08:43
Video thumbnail
චීවර දාගත්ත නිකන් මිනිස්සු - වැරදි වැඩ මේ
00:57
Video thumbnail
උතුරේ ඉන්න භික්ෂූන්ට බලපෑම් කරනවා - කස්සප හිමි සියල්ල හෙළිකරයි..උතුරෙන් පලවා හැරීමේ ක්‍රියාවක්
11:49
Video thumbnail
හදවත් රෝගය නිට්ටාවට සුව කරන එකම තැන - "හබරකඩ වෙද ගෙදර"
02:37
Video thumbnail
"චීවර දාගත්ත නිකන් මිනිස්සු - වැරදි වැඩ මේ" සලේට අත්සන් ලක්ෂ‍යක් ලබා ගද්දි දැඩි උණුසුම් තත්ත්වයක්
01:58
Video thumbnail
අනුර අද තමන් හදපු ප්‍රබන්ධයේම හිරකාරයෙක් වෙලා..අනුරගෙ මර්දනවලට අපි බය වෙන්නේ නෑ
05:20
Video thumbnail
මහා ප්‍රහාර මාලාවක් ලොව කලඹයි..සටන් විරාමය මැද්දේ ට්‍රම්ප් හමුදාවට යැවූ රහස් පණිවිඩය හෙළිවෙයි
06:28
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
08:43:46