තලංගම පොලිස් වසමේදී අකුරේගොඩ ප්‍රදේශයේදී පසුගිය 13 වැනිදා නීතිඥවරයෙකුට සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමමේ අපරාධයට අදාළව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය මඟින් සිදු කරමින් පවතින විමර්ශනයේදී ලැබී ඇති තොරතුරු මත පදනම්ව සකක්රුවෙක් අත්අඩංගුවට ගැනීම සංධා පොලිසිය මහජන සහය අපේක්ෂා කරනවා.
වයස අවුරුදු 44ක් පමණ වන එම සැකකරු අඩි 05යි අගල් 05 ක් පමණ වන පුද්ගලයෙක් බවයි පොලිසිය පවසන්නේ.
කළු පැහැයෙන් යුතු ශරීර වර්ණයක් සහිත ඔහුගේ ඇස් කහ පැහැයට හුරු බොර පැහැයකින් යුක්ත වන බවත් පොලිසිය පවසනවා.
එමෙන්ම සැකකරුගේ දකුණු පස කම්මුලට පහලින් මුහුනේ කැපුම් තුවාල කැළලක් ද ඈති බවයි පොලිසිය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.
සැකකරුගේ වර්ථමාන ස්වරූපය AI තාක්ෂණය ඔස්සේ විවිධ ආකාරයට නිර්මාණය කරන ලද ඡායාරූප කිහිපයක් පොලිසිය විසින් මාධ්‍ය වෙත යොමු කරන අතර, සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 071-8598008, 071-8591641 සහ 071-8592279 යන දුරකථන අංක ඔස්සේ දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
පොලිසිය විසින් නිකුත් කර ඇති සැකකරුගේ ස්වරූපයට AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කර තිබෙන ඡායාරූප පහතින්,





















