නීතිඥවරයා සහ බිරිද ඝාතන සිද්ධියේ සැකකරුවෙක් පොලිසියෙන් සොයයි

තලංගම පොලිස් වසමේදී අකුරේගොඩ ප්‍රදේශයේදී පසුගිය 13 වැනිදා නීතිඥවරයෙකුට සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමමේ අපරාධයට අදාළව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය මඟින් සිදු කරමින් පවතින විමර්ශනයේදී ලැබී ඇති තොරතුරු මත පදනම්ව සකක්රුවෙක් අත්අඩංගුවට ගැනීම සංධා පොලිසිය මහජන සහය අපේක්ෂා කරනවා.

වයස අවුරුදු 44ක් පමණ වන එම සැකකරු අඩි 05යි අගල් 05 ක් පමණ වන පුද්ගලයෙක් බවයි පොලිසිය පවසන්නේ.

කළු පැහැයෙන් යුතු ශරීර වර්ණයක් සහිත ඔහුගේ ඇස් කහ පැහැයට හුරු බොර පැහැයකින් යුක්ත වන බවත් පොලිසිය පවසනවා.

එමෙන්ම සැකකරුගේ දකුණු පස කම්මුලට පහලින් මුහුනේ කැපුම් තුවාල කැළලක් ද ඈති බවයි පොලිසිය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

සැකකරුගේ වර්ථමාන ස්වරූපය AI තාක්ෂණය ඔස්සේ විවිධ ආකාරයට නිර්මාණය කරන ලද ඡායාරූප කිහිපයක් පොලිසිය විසින් මාධ්‍ය වෙත යොමු කරන අතර, සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 071-8598008, 071-8591641 සහ 071-8592279 යන දුරකථන අංක ඔස්සේ දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පොලිසිය විසින් නිකුත් කර ඇති සැකකරුගේ ස්වරූපයට AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කර තිබෙන ඡායාරූප පහතින්,

WhatsApp Image 2026 02 20 at 14.56.00
WhatsApp Image 2026 02 20 at 14.55.53
WhatsApp Image 2026 02 20 at 14.55.54
WhatsApp Image 2026 02 20 at 14.55.55
WhatsApp Image 2026 02 20 at 14.55.56
WhatsApp Image 2026 02 20 at 14.55.57
WhatsApp Image 2026 02 20 at 14.55.58
WhatsApp Image 2026 02 20 at 14.55.59


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31