spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිවෙස් හිමි කාන්තාව මරා මෙහෙකරුවා පැනගිහින්

ගෙල කඹයකින් ගැටගසා පහර දී කාන්තාවක ඝාතනය කර ඇති බවට අද (08) උදෑසන බේරුවල පොලිසියට තොරතුරක් ලැබී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බේරුවල, හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් බවයි වාර්තා වුණේ.

මෙම කාන්තාවගේ පුතා සහ ලේලිය විදේශ ගතව සිටින බැවින් ඇය මෙහෙකරු සමඟ නිවසේ ජීවිත්ව සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකෙරෙන නිවසේ මෙහෙකරු මේ වන විට පළාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භකර තිබෙනවා.

දෙදෙනා අතර ඇති වූ පෞද්ගලික ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවයි පොලිසිය සැක කරන්නේ.

ඝාතනය සම්බන්ධයෙන් කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිත බව උසස් පොලිස් නිළධාරීයෙක් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
4
+1
8
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?