නිවෙස් හිමි කාන්තාව මරා මෙහෙකරුවා පැනගිහින්

ගෙල කඹයකින් ගැටගසා පහර දී කාන්තාවක ඝාතනය කර ඇති බවට අද (08) උදෑසන බේරුවල පොලිසියට තොරතුරක් ලැබී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බේරුවල, හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් බවයි වාර්තා වුණේ.

මෙම කාන්තාවගේ පුතා සහ ලේලිය විදේශ ගතව සිටින බැවින් ඇය මෙහෙකරු සමඟ නිවසේ ජීවිත්ව සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකෙරෙන නිවසේ මෙහෙකරු මේ වන විට පළාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භකර තිබෙනවා.

දෙදෙනා අතර ඇති වූ පෞද්ගලික ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවයි පොලිසිය සැක කරන්නේ.

ඝාතනය සම්බන්ධයෙන් කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිත බව උසස් පොලිස් නිළධාරීයෙක් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46