නිවෙස් හිමියාගේ සිරුර කුණු වළක – සේවකයා නිවස තුළ සියදිවි නසාගෙන

දින කිහිපයක සිට අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් කසළ වළක තිබී සොයාගත් බව පොලිසිය පවසනවා.

මැල්සිරිපුර, රේස්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් පසුගිය 13 වනදා සිට අතරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ඒ, අනුව මැල්සිරිපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් අතුරුදන්ව සිටි පුද්ගලයාගේ නිවස අවට ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී කසළ වළක තිබී අදාළ පුද්ගලයාගේ සිරුර ඊයේ (24) සොයා ගැනීමට හැකිව ඇති බව සඳහන්.

පොලිසිය පැවසුවේ මළ සිරුර සොයා ගන්නා අවස්ථාවේ දී එය රෙදි කඩකින් වැනි දෙයකින් ඔතා තිබූ බවයි.

මෙලෙස මියගොස් සිටි පුද්ගලයා 69 වන වියේ පසුවූ අයෙක් වන අතර, ඔහු නිවසේ තනිව ජීවත්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

අදාළ නිවසේ සේවය කිරීම සඳහා වයස අවුරුදු 43ක පමණ පුද්ගලයෙක් මීට මාස තුනකට පමණ පෙර පැමිණ ඇති අතර, ඔහු ද නිවස තුළ ගෙළවැලලාගෙන සිටිය දී පෙරේදා (23) හමුව තිබෙනවා.

මෙම සැකකටයුතු මරණයන් අතර සම්බන්ධතාවක් ඇද්ද යන්න පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

කසළ වළේ තිබියදී සොයාගත් මළ සිරුර සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (25) දිනයේ දී සිදු කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46