AFC Banner
Empty Ad
Empty Ad

නිවුන් දරු උපත් වාර්තාගත ලෙස ඉහළට

ලොව පුරා නිවුන් දරු උපත් සිදුවීම් බහුලව වාර්තා වන බව ඒ පිළිබඳව කළ අධ්‍යයනයනික් හෙළිව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ, 1980 සිට ද්විත්ව උපත් අනුපාතය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.

රටවල් 100 කට වැඩි සංඛ්‍යාවක වාර්තා හා විශ්ලේෂණයන් මෙම සඳහා භාවිතා කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ලෝක ජනගහනයෙන් 99% ක් ආවරණය වන පරිදි රටවල් 165 ක ද්විත්ව උපත් අනුපාතයන්හි විශ්ලේෂණය සඳහා යොදා ගෙන ඇති බවයි.

ඒ අනුව මේ වනවිට මව්වරුන් 42 දෙනෙකුගෙන් එක් අයෙකු නිවුන් දරුවන් බිහි කරයි.

පසුගිය අවුරුදු 40 තුළ ගෝලීය ද්විත්ව උපත් අනුපාතය තුනෙන් එකකින් ඉහළ ගොස් ඇතැයි අධ්‍යයනයේ තොරතුරු මගින් වාර්තා වේ.

ඔක්ස්ෆර්ඩ් සරසවියේ ( Oxford University ) සමාජ විද්‍යාව හා ජාන විකාශනය (demography) පිළිබඳ මහාචාර්යවරියක් වන ක්‍රිස්ටියාන් මොන්ඩන් (Christiaan Monden ) පැවසුවේ මෙය කැපී පෙනෙන ප්‍රවණතාවක් වන බවයි.

පසුගිය අවුරුදු 40 ත් 50 ත් අතර කාලය තුළ ධනවත් හා සංවර්ධිත රටවල ද්විත්ව උපත් අනුපාතවල ප්‍රබල වැඩිවීමක් දැක ගත හැකි වූ බවත් ඇය තවදුරටත් සඳහන් කළා ය.

1980 පසු නිවුන් දරු උපත් ඉහළ යාමත් සමග වැඩිම නිවුන් දරු උපත් වාර්තා වන්නේ, උතුරු අමෙරිකාවේ ය.

එය 71% වර්ධනයකි.

එමෙන්ම යුරෝපයේ 60% කින් සහ ආසියාවේ 32% ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි.

නමුත් එක්සත් රාජධානියේ නිවුන් දරු උපත් අනුපාතය 62% කින් පමණ ඉහළ ගිය ද , 2007 දී Human Fertilisation and Embryology Authority (HFEA) නිවුන් දරු උපත් අඩු කිරීමේ ක්‍රමවේදයක් දියත් කළ දින සිට පහත වැටී ඇතැයි සැලකේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?