AFC Banner
AFC Banner
Empty Ad

නිවාස බිඳ දේපොළ කොල්ල කෑ පුද්ගලයෙකු අත්අඩංගුවට

නිවාස බිඳ දේපොළ, මුදල් සොරකම් කිරීම, රන්මාල කොල්ලකෑම සහ රාජ්‍ය බැංකුවක මුදල් සොරකම් කිරීමට තැත් කළ පුද්ගලයෙකු අද (16) දින අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතාගේ උපදෙස් එහි අපරාධ විමර්ශන අංශය මගින් අදාළ මෙහෙයුම සිදු කර තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගන්නා විට රුපියල් ලක්ෂ 50කට වැඩි රන් බඩු තොගයක්, උණු කළ රත්තරන් ග්‍රෑම් 128ක්, කඩුවක්, සොරකම් සඳහා යොදා ගන්නා උපකරණ කිහිපයක් ඇතුළු හෙරොයින් මත්කුඩු ද සොයා ගැනුණු බවයි වාර්තා වන්නේ.

අනුරාධපුර – තන්නායම්කුලම හි පදිංචි 31 හැවිරිදි දෙදරු පියෙකු මෙලෙස අත්අඩංගුවට ගැනුණා.

හෙරොයින් මත්කුඩු පානයට තදින් ඇබ්බැහි වී ඇති පුද්ගලයෙකු නිවසක් ඉදි කරන බවට ලැබුණු තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශනයක දී සොරකම් කරන ලද රන්මාලයක්, පෙණ්ඩනයක්, කරාබු ජෝඩුවක්, සැකකරුගේ නිවසේ තිබී සොයාගෙන තිබෙනවා.

එම සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වල දී මෙම කොල්ලකෑම් සඳහා යොදා ගන්නා ලද කඩුවක්, ගයින්ඩරයක්, අඩුවක්, මූණ වසා ගැනීමට යොදා ගන්නා රෙදි කැබැල්ලක් ,ජැකට්ටුවක් ඇතුළු උපකරණ රාශියක් පොලිස් භාරයට ගැනීමට කටයුතු කර ඇති බවයි පැවසෙන්නේ. 

අත්අඩංගුවට ගත් සැකකරු සොරකම් කරන ලද භාණ්ඩ අනුරාධපුර නගරයේ ස්ථාන දෙකකට අලෙවි කර රුපියල් ලක්ෂ තිහකට ආසන්න මුදලක් ලබාගෙන තිබූ බවත් එම මුදලින් නිවස අලුත්වැඩියා කරන අතරවාරයේ, සැකකරු දිනපතා රුපියල් 32,000ක මුදලක් වියදම් කර හෙරොයින් මත්කුඩු පානය සිදු කරන බව සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වූ බව ද පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?