නිව්හැම් චතුරස්‍රය ප්‍රදේශයේ වෙඩි තැබීමට අවශ්‍යව සිටි අයෙක් අල්ලයි

පසු ගිය 25 වනදා වෙරළබඩ පොලිස් වසමේ නිව්හැම් චතුරස්‍රය ප්‍රදේශයේ වෙළඳසැලක් ඉදිරිපිට දී පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතබා බරපතල තුවාල කිරීමක් සිදු විය.

එම වෙඩි තැබීම සිදු කිරීමට අපරාධකරුවන් පැමිණි යතුරුපැදියේ යතුරුපැදිකරු ඊයේ (28) දහවල් කොළඹ 15 ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 06 මිලි ග්‍රෑම් 470ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23ක් වූ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

යතුරුපැදිය හා වෙඩික්කරු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?