AFC Banner
AFC Banner
Empty Ad

නිවසට ම පැමිණ කාන්තාවක් වෙඩි තබා ඝාතනය කෙරේ

නාඳුනන පුද්ගලයින් දෙදෙනකු තැබූ වෙඩි ප්‍රහාරයකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.

ඊයේ (05) රාත්‍රියේ දී මෙම කාන්තාව ජීවත් වූ නිවසට ම පැමිණ ඝාතකයින් වෙඩි තබා යතුරුපැදියකින් පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පදවිය පොලිස් වසමේ බෝගහවැව ප්‍රදේශයෙන් මෙම ඛේදවාචකය වාර්තා වනවා.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ කාන්තාව පදවිය රෝහලට ඇතුළත් කළ ද මියගොස් තිබෙනවා.

මරණකාරිය 73 හැවිරිදි බාලයාවැව – බෝගහවැව ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

මෙම වෙඩිතැබීම සඳහා T56 ගිනිඅවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැක කරනවා.

වෙඩිතැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?