නිවසක හිමිකාරිනිය මැරූ මෙහෙකරු රිමාන්ඩ්

නිවසක මෙහෙකරු විසින් ගෙහිමි කාන්තාව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊට අදාළ සැකකරු ව අත්අඩංගුවට ගැනීමට බේරුවල පොලිසියට හැකි වී තිබෙනවා.

මෙම ඝාතකයා ව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ මිරිහාන ප්‍රදේශයේදියි.

සැකකරු බේරුවල – ගාලු පාරේ හෙට්ටිමුල්ල – වද කහවෙල ප්‍රදේශයේ නිවසක හිමිකාරිනියව පසුගිය 07 වැනිදින නයිලෝන් වර්ගයේ කඹයකින් ගෙල සිරකොට ඝාතනය කර පලා ගියා.

මෙම සැකකරු විසින් මල් පෝච්චියකින් ද මරණකාරිනියගේ හිසට පහර දී ඇති බවයි පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වුණේ.

මෙලෙස මියගියේ එම නිවසේ පදිංචි ව සිටි 58 හැවිරිදි විවාහක කාන්තාවක්.

හිමිකාරිනිය සහ මෙහෙකරු අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙනුයි මෙම ඝාතනය සිදු ව ඇත්තේ.

සැකකරු පලා යාමේ දී නිවසේ තිබූ රුපියල් 100,000කට ආසන්න මුදලක් ද රැගෙන පලා ගොස් තිබෙනවා.

කෙසේවෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය වෙත සැකකරු පාපොච්චාරණයක් ද සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරු අද දිනයේ දී කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, වැඩිදුර විමර්ශන සඳහා ඔහු ව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කපිලව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගේ කාමරයට ගිහින් ප්‍රකාශ බලෙන් ලබාගෙන ?..නීතිඥයෙක් සියල්ල හෙළිකරයි
03:05
Video thumbnail
වැඩි මිලට පෙට්‍රල් සහ ඩීසල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට
00:43
Video thumbnail
ඊශ්‍රායලය ගැන ට්‍රම්ප් කුපිත වෙයි - ලෝකයම අමාරුවේ දාන ගෑස් නිධි ප්‍රහාර
07:41
Video thumbnail
ඔයාලා එදා හිනා වුණානේ - ඕක තමයි දෛවයේ සරදම
04:46
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
මුජිබුර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31