නිවසක් තුල සැකකටයුතු ලෙස මිය ගිය කතකගේ සිරුරක්

ඊයේ (27) උදෑසන කඩුවෙල පොලිස් වසමේ කොතලාවල ප්‍රදේශයේ නිවසක් තුල කාන්තාවක් සැකකටයුතු ලෙස මිය ගොස් ඇති බව කඩුවෙල පොලිසිය පවසනවා.

මරණකාරිය 54 හැවිරිදි කොතලාවල, කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මරණකාරිය නිවසේ තනිව සිටින අවස්ථාවේදී ඇය පිළිබඳව අසල්වාසින් කළ සෝදිසියකදී නිවස තුල හිසෙහි තුවාලයක් සහිතව සැකකටයුතු ලෙස බිම වැටී සිටියදී හමුවී ඇති බවට විමර්ශණයේදී අනාවරණය වී තිබෙනවා.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදුකර පශ්චාත් මරණ පරීජ්ෂණය සඳහා මුල්ලේරියාව රෝහලේ තැන්පත් කර තිබෙනවා.

කඩුවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?