Empty Ad
Empty Ad
AFC Banner

නිල්වක ඔයේ දිය නාන්න ගිය තරුණයා නොඑන්නම ගිහින්

බුලත්සිංහල, අක්කර 50, හල්වතුර ප්‍රදේශයේ නිල්වක ඔයේ දිය නෑමට ගිය තරුණයෙකු ඊයේ (26) සවස දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

22 හැවිරිදි මෙම තරුණයා හොරණ ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසිය පැවසුවේ.

මෙම තරුණයා තවත් පුද්ගලයින් සිව්දෙනෙකු සමඟ දියනෑමට ගොස් සිටිය දී මෙලෙස දියේ ගිලී ඇති බවටයි තොරතරු වාර්තා වුණේ.

දියේ ගිලිණු මෙම පුද්ගලයා ප්‍රදේශවාසීන් එක්ව ගොඩගෙන ප්‍රතිකාර සඳහා ඉංගිරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි මියගොස් ඇත්තේ.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය ඉංගිරිය රෝහලේ තැන්පත් කර ඇති අතර, බුලත්සිංහල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?