නිරුවත් අගුටුමිට්ටෙක් ආණ්ඩුකාර බංගලාව දෙසට පැන දුවයි..

ඌව ආණ්ඩුකාර නිල නිවාසයට නුදුරින් බදුල්ල ග්ලෙන්ඇල්පින් වත්ත ආශ්‍රිත කැලෑ ප්‍රදේශයේ සැරිසරන බව පැවසෙන නිරුවත් අඟුටු මිට්ටෙක් නේත්‍රාගම වැසියන් කිහිපදෙනෙක් විසින් දැක තිබේ.

වලහෙකුගේ මෙන් පෙනුම ඇති කොණ්ඩය දිගට වවා ඇති අඩි දෙකහමාරක පමණ උසැති එම අඟුටු මිට්ටා හේතුවෙන් ගම්වාසීහු මේ දිනවල මහත් බියට පත්ව සිටිති.

එම අඟුටු මිට්ටාව මුලින්ම දැක ඇත්තේ, ජලනල සකස් කිරීමට ගොස් සිට ඇති ඩී.ඉන්ද්‍රසිංහ නමැත්තෙකි.

ඔහු පවසා සිටියේ, “අඩි 150ක් විතර කන්දට නැගලා ජලනල පරීක්ෂා කරගෙන ඉදිරියට යද්දි කැලේ හෙලවෙනවා වගේ දැනුණා. මම බලනකොට මේ අද්භූත අඟුටුමිට්ටා දැක්කා. කළුම කළුයි වලහෙක් වගේ. මුහුන උල් ඇස් දෙක රතුපාටයි දැක්ක ගමන් මට බයක් ඇති උනා. ඌ මට දෙයක් කරන්න කලින් ඌට මොනවහරි කරන්න කියලා ක්ෂණිකව මම මගේ අතේ තියන ආයුධත් අරන් ඌ ළගට යන්න යනකොට පස්නොබලා දුවන්න පටන් ගත්තා. කැලේ මැදින් රිංගලා ආණ්ඩුකාර බංගලාව පැත්තට දිව්වා. මේ කැලේ මුවෝ ඌරෝ විතරක් නොවෙයි කුළු හරක් පවා ඉන්නවා. මට හිතාගන්න බැහැ මේ මොකාද කියලා අර අනුරාධපුර පැත්තේ හිටිය නීත්තෑවෙක් ද දන්නෙත් නැහැ ඊට පස්සේ ගමේ තවත් අය මේ අඟුටුමිට්ටා දැකලා තියෙනවා.“ යනුවෙනි.

ඩී.ඉන්ද්‍රසිංහට අමතරව තවත් කිහිපදෙනෙක් ම අඟුටු මිට්ටාව දැක ඇති අතර, ඔවුන් සෑමකෙනෙකුම කළු ශරීරයකින් හෙබි මිටි පුද්ගලයෙකු පිළිබඳ විස්තර කරන්නට විය.

14 හැවිරිදි ශිරාන් මේ පිළිබඳ විස්තර කරමින් සඳහන් කර සිටියේ, “මම දැක්කා කළු කොට මිනිහෙක් ඉන්නවා. කොණ්ඩය දිගයි මම ආයෙත් බැලුවා හරිම භයානක් මූණක්. මම කෑ ගහගෙන ගෙට දිව්වා.“ යනුවෙනි.

ශිරාන්ගේ සහෝදරිය වන 16 හැවිරිදි සෆ්නා ද මේ පිළිබඳ මෙලෙස විස්තර කරන්නට විය.

“මල්ලි කෑගහෙන ගෙට දුවගෙන ආ නිසා මං ගිහින් බැලුවා. දොරෙන් එබිලා බලන කොට මම දැක්කා අඩි දෙකහමාරක් විතර උස කළු මිනිහෙක් ආපස්ස හැරිලා යනවා. මම හොඳටම බයවෙලා කෑ ගහගෙන ගෙට දිව්වා. පස්සේ මමයි මල්ලියි තාත්තාට කෝල් කළා.“

එම සිදුවීමත් සමග නේත්‍රාගම ගම්වැසියෝ බෙහෝ බියට පත්ව සිටිති. ඔවුන් ඉල්ලා සිටින්නේ වගකිව යුතු අංශ විසින් මේ පිළිබඳ සොයා බලා අවශ්‍ය පියවර ඉක්මනින් ගන්නා ලෙසය.

මීට ශත වර්ෂ කිහිපයකට පෙර අම්පාර, මොනරාගල සහ බදුල්ල වැනි දිස්ත්‍රික්කවල ඝන වනාන්තර සහිතව තිබූ කලාපවල නීත්තෑවන් ගැවසුණු බවට මත පවතී.

කුරු මිනිසුන් ලෙස අඟ පසඟ වර්ධනය වී තිබූ බවට පැවසෙන නීත්තෑවන්, මෙරට වැදි ජනයා සමග නිතර ගැටුණු බවට ද ජනප්‍රවාදයේ පවතී.

එහි ප්‍රතිඵලයක් ලෙස නීත්තෑවන් ව වැදි ජනයා විසින් ඝාතනය කළ බවට අම්පාර, මොනරාගල සහ බදුල්ල වැනි ප්‍රදේශ වන ජනයා අතර මතයක් තිබේ.

නමුත් ආදිවාසී නායක ඌරුවරිගෙ වන්නිලා ඇත්තෝ එම මතය ප්‍රතික්ෂේප කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09