Empty Ad
Empty Ad
AFC Banner

නිරිතදිග මෝසම සක්‍රීයයි – තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්

නිරිතදිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් බස්නාහිර, සබරගමුව යන පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

ඒ අනුව එම ප්‍රදේශවල ජනතාවට වඩාත් සැලකිලිමත් වන ලෙසයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

එමෙන්ම බස්නාහිර සහ සබගරමුව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව දැනුම් දෙනවා.

මේ අතර අද (28) උදෑසන 7.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මිලි මීටර් 101.5ක් ලෙස සටහන්වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
3
+1
1
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?