කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිදන් හෑරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනයකට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
අදාළ නිදන් හෑරීමේ සිද්ධියට නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ඇතුළු 08 දෙනෙක් අනුරාධපුර පොලිසිය විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් දුරකථන විශ්ලේෂණ හා ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කිරීම් මගින් තහවුරු වූ විද්‍යාත්මක සාක්ෂි පදනම් කරගෙන නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ අත්අඩංගුවට ගත් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ.





