නියඟයෙන් හානි වී ඇති ගොයමට ගිනි තැබුවොත් වන්දි නැහැ

දැනට පවතින නියං තත්ත්වය හේතුවෙන් හානි වී ඇති ගොයම් වගාවන්ට ගිනි තැබුවහොත් ඔවුන්ට කිසිසේත්ම වන්දි මුදලක් ගෙවීමට කටයුතු නොකරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරට දැනුම් දී තිබෙනවා.

එම මණ්ඩලය විසින් මේ දිනවල නියඟයෙන් හානියට පත් කුඹුරුවල ගොයම් වගාවන්ට සිදුව ඇති හානිය සම්බන්ධව තක්සේරු කිරීම් ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.

ගොයම් වගාවන්ට ගිනි තැබු පසු හානි තක්සේරු කිරීමට හැකියාවක් නොමැති වීම හේතුවෙන් ඔවුන්ට වන්දි ලබා දීමට ද හැකියාවක් නොමැති බව එම මණ්ඩලය පෙන්වා දෙනවා.

කෙසේ වුවද ඇතැම් පුද්ගලයෙක් තම කුඹුරට ගිනි තබන්නේ නම් ඔවුන්ට රජය විසින් ලබාදුන් පොහොර සහනාධාරය ඇතුළු සහන සඳහා වැය කරන ලද මුදල ද නිශ්ප්‍රයෝජන වන බැවින් ඒ සඳහා නීතිමය පියවර ගැනීමේ හැකියාව සම්බන්ධව සොයා බැලීමට ද කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?