නිධානයකට බව පවසා ලක්ෂ විසි එකක රන් ආභරණ සොරාගත් මව සහ දුව මාට්ටු

නිධානයක් ගොඩ දැමීමට අවශ්‍ය බව පවසා රුපියල් 21,25,000 ක් වටිනා රන් ආභරණ සොරකම් කළ බව කියන තිදෙනෙක් මෙම මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ආණමඩුව මහේස්ත්‍රාත්වරයා නියමකර තිබෙනවා.

ආඩිගම, ගල්වල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක් විසින් පොලීසියට කරඇති පැමිණිල්ලක් අනුව මවක් සහ දියණියක් සහ තවත් පුද්ගලයයෙක් මෙලෙස පල්ලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත්කර
තිබුණා.

පැමිණිලිකාරියට අයත් ආඩිගම, කජුවත්ත ප්‍රදේශයේ ඇති නිවසක් කුලී පදනම මත සැකකාර කාන්තාව විසින් ලබා ගත් බවත්, ඉන් දින කිහිපයකට පසු අදාළ නිවස ඇති ඉඩමේ නිධානයක් තිබෙන බවට සැකකාරිය විසින් නිවෙස් හිමි කාන්තාව සමඟ පවසා ඇති බවයි වාර්තාවන්නේ.

එම නිධානය ගොඩ ගැනීමට නම් නිවසේ හිමිකාරියට අයත් රන් ආභරණ එම ගෙවත්තේ වළ දැමිය යුතු බවත්, එසේ නොකරන්නේ නම් පවුලේ කිසියම් අයෙක් මියයන බවද එම තැනැත්තිය විසින් පැමිණිළිකාරියට පවසා තිබෙනවා.

ඒ අනුව තමන් සතුව තිබූ රුපියල් 21,25,000 ක් වටිනා රන් ආභරණ පසුගිය මස 04 වැනිදා තමන් විසින් සැකකාරියට ලබා දුන් බවත්,එම රන් ආභරණ සුදු රෙද්දක ඔතා වළ දැමූ සැකකාරිය, නිධානය ලබා ගන්නා තුරු රන් ආභරණ ගොඩ දැමීමක් කළ හොත් නිවසේ කිසියම් අයෙක් මියයන බවටද පැමිණිලිකාරිය සමඟ පවසා ඇති බවයි වාර්තාවන්නේ.

එසේ රන් ආභරණ වළ දැමූ දිනෙන් පසුව සැකකාරිය සහ එහි සිටි ඇයගේ දියණිය නිවසින් අතුරුදහන් වී ඇති බවයි පැවසෙන්නේ.

ඊයේ (04) දින වළ දැමූ රන් ආභරණ ගොඩ ගැනීමට කටයුතු කළ බවත්,එම රන් ආභරණ ඔතා තිබූ රෙදි කඩ විවෘත කළ විට එහි තිබූනේ සුරයක්,කඹ තහඩුවක් සහ ඉමිටේෂන් වළළු දෙකක් පමණක් බවත්, පැමිණිලිකාරිය පොලීසියට පවසා තිබුණා.

ඒ අනුව සිදුකළ විමර්ශනයන් අනුව ප්‍රධාන සැකකාරිය, ඇයගේ දියණිය සහ තවත් පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණද සැකකාරිය විසින් වංචා කරන ලද රන් ආභරණ සොයා ගැනීමට මෙතෙක් හැකිවී නැහැ .

පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ ප්‍ර#රයට ලක්වූ ඉරාන නෞකාව ගැන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්
00:41
Video thumbnail
🔴Breaking News
00:00
Video thumbnail
හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ඇඟ හිරිවැටෙන කතාවක් - ඉරාන නෞකා මෙහෙයුමට ශ්‍රි ලංකාව එන්ටර් වෙයි
06:04
Video thumbnail
ඉන්ධන පිරවුම්හල්වලට පැය 24 පුරාම විශේෂ පොලිස් ආරක්ෂාවක්..ආයේ තෙල් බූලිවලට පුරවනවා බොරු
01:41
Video thumbnail
මහ කොමසාරිස්, තානාපති කාර්යාල, හෝටල්වලට විශේෂ ආරක්ෂාවක්..මෙවැනි ස්ථාන වීඩියෝ කිරීම සම්පූර්ණ තහනම්
03:12
Video thumbnail
සෝමරතන හිමිගෙන් ජනපතිට දැඩි ප්‍රකාශයක්..වැ‍රැද්දක් කළා නම් ප්‍රසිද්ධියේ සමාව ගන්න
05:32
Video thumbnail
කතුන් පාරට බැහැලා ආණ්ඩුවට සැරට අමතයි..හුන්ඩුවේ ජනාධිපති ඉලපතෙන් ග#ලා එලවන්නේ
03:11
Video thumbnail
විවාහක පෙම්වතා, අනියම් පෙම්වතිය ගාමන්ට් එක තුළම බිහිසුණු ලෙස එළොව යවලා
00:56
Video thumbnail
🔴Breaking News
09:01
Video thumbnail
ඉරාන නෞකාවෙන් බේරාගත් පිරිස දැඩි ආරක්ෂාව මැද කරාපිටිය රෝහලට රැගෙන එන අයුරු
01:47