නිදහස් පක්ෂයට නව වැඩබලන මහ ලේකම්වරයෙක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා වැඩබලන මහ ලේකම්වරයෙකු පත්කර ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව එම පක්ෂයේ වැඩබලන මහ ලේකම් ලෙස එම පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සරත් ඒකනායක පත්කර ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් සරත් ඒකනායක එම ධුරය සඳහා පත්කර ඇති බව සඳහන්.

එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර විදේශ ගතවීම හේතුවෙන් ලබන 20 වනදා දක්වා මෙම පත්කිරීම සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.