AFC Banner
Empty Ad
Empty Ad

“නිදහස් පක්ෂයක් අද නෑ” – හිටපු ජනාධිපතිනිය (වීඩියෝ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමින් පක්ෂයක් මේ වනවිට නොමැති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පවසනවා.

නව ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට කොළඹ දී අද (05) එක්වෙමින් හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කළා.

මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තිබූ ප්‍රජාතන්ත්‍රවාදය මරා දමා ඇති බවයි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය වැඩිදුරටත් කියා සිටියේ.

එමෙන්ම බලය වැඩිකර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස්කර ගැනීමට එහි සභාපතිවරයා මේ වනවිට කටයුතු කර ඇති බව ද හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කළා.

නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය සහ ජනතාව වෙනුවෙන් තමන් ඉදිරියේ දී කටයුතු කරන බව හිටපු ජනාධිපතිනිය එහිදී සඳහන් කර සිටියා.

https://youtu.be/508pup3L7pg
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?