ජාතික නිදහස් දිනය දා බන්ධනාගාර ගතකර සිටින රැඳවියන් හට විවෘත අමුත්තන් බැලීමට අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
මෙම තීරණය අනුව පෙබරවාරි 04 වනදා රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර ඇතුළු සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබාදීමට අවස්ථාව ලබා දී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී දිසානායක මහතා පැවසුවේ ඒ අනුව
සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙන්වීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාරයන්වල දී අනිද්දා (04) දිනයේ දී සිදු කෙරෙන බවයි බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී දිසානායක පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
+1
+1





