නිදහස් දිනය දා කාදිනල් හිමි CCDයට

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් අද (04) පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණියේය.

ඒ බොරැල්ල දේවස්ථානයේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන ෆ්‍රැන්සිස් මුනීන්ද්‍රන් නමැත්තාගේ සුවදුක් විමසීම සඳහාය.

බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ කාලබෝම්බයක් ආකාරයට සකසන ලද අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් දේවස්ථානයේ සේවකයෙකු ලෙස කටයුතු කළ  ෆ්‍රැන්සිස් මුනීන්ද්‍රන් නමැත්තා මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රැඳවා සිටී.

කාදිනල් හිමියන් එහි පැමිණෙන අවස්ථාවේ පොලිස් නිලධාරීන් 50කට ආසන්න පිරිසක් ඒ අවට සිටින ආකාරයක් ද දක්නට ලැබුණි.

මෙම අවස්ථාවට එක්වෙමින් කොළඹ අගරදගුරු පදවි, ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා පැවසුවේ,

“මුනි කියන මේ මහත්මයා තමයි එදා දේවස්ථානයේ බෝම්බය සොයා ගත්තේ. වෙන්න ගිය විනාශය නවත්වන්න කටයුතු කළේ ඔහු. ඉතින් ඒ පුද්ගලයා පිළිබඳව කාදිනල් හිමියන්ට ලොකු කෘතඥතාවයක් තිබෙනවා. අපි බලාපොරොත්තුවෙනවා ඔහුවත් නිදහස් කරයි කියලා.”

“අපිට විශාල සැකයක් පවතිනවා.. මේ අත්බෝම්බය යම් පුද්ගලයෙකු පෞද්ගලික හේතුවක් මත තැබූ බෝම්බයක් නෙමෙයි කුමන්ත්‍රණකාරී සිද්ධියක් කියලා.” 

“පාස්කු ප්‍රහාරයට දින 1,000ක් සපිරෙන මොහොතේ ජනවාරි 14 වනදා තිබුණු යාච්ඤා මෙහෙයට යම් බාධාවක් කරමින් ජනතාව බියගැන්වීමට හෝ පාස්කු ප්‍රහාරය යට ගහන්නට උත්සාහ කරන අය කළාද කියලා අපිට ලොකු සැකයක් තියෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37
Video thumbnail
සුවිප් ටිකට් ඇදිලා බලයට ආ කල්ලතෝනීන්ට අරහත් ධජය නවත්තන්න බෑ - ගින්දර අළුයට හැංඟිලා තියෙන්නේ
05:53
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12