AFC Banner
Empty Ad
Empty Ad

නිදහස් අධ්‍යාපනයේ පීතෘවරයා සිහි කරමින් ශ්‍රීලනිප මූලස්ථානයේ විශේෂ සම්මන්ත්‍රණයක්

ආචාර්ය සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර ශ්‍රීමතාණන්ගේ ජන්ම සංවත්සරය නිමිති කොට ගනිමින් ශ්‍රී ලංකා නිදහස් වෘත්තීයවේදීන්ගේ සංවිධානය විසින් සංවිධානය කරනු ලබන “ජාතික සංවර්ධනය සඳහා නූතන අධ්‍යාපන විප්ලවයක අවශ්‍යතාව“ කාලීන සම්මන්ත්‍රණය අද පස්වරුවේ ආරම්භ වනවා.

ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පස්වරු 02ටයි.

මෙම වැඩසටහන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙනවා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය උපාලී එම් සේදර, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස විසින් සම්මන්ත්‍රණයේ විශේෂ දේශන ඉදිරිපත් කිරීමට නියමිත යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?