AFC Banner
Empty Ad
Empty Ad

නිදන් හාරමින් සිටි පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට

මිහින්තලය පුංචි කුලම ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක් හාරන මුවාවෙන් නිධානයක් හාරමින් සිටි පුද්ගලයන් සිව් දෙනෙකු සැකපිට මිහින්තලය පොලිසිය විසින් අත්අඩංගුට ගෙන තිබෙනවා.

පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර එම ස්ථානයේ තිබී පූජා භාණ්ඩ සහ හෑරීමට ගන්නා උපකරණද අත්අඩංගුවට ගෙන තිබුණා.

සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවටගත් පුද්ගලයන් සිව්දෙනා අතර එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු හා යකදුරන් ලෙස පෙනී සිටි අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු වෙන බවයි පොලීසිය සඳහන් කරන්නේ.

සැකකරුවන් හෙට දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙයිද ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මිහින්තලය පොලිසිය විසින් සිදුකරනු ලබනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?