AFC Banner
AFC Banner
Empty Ad

නිත්‍ය නායකයාට කෘතගුණ සලකන්න ගිය දිල්ලි කැපිටල්ස් පිළට තොප්පියක් (ඡායාරූප)

2023 අයි.පී.එල්. තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහභාගී වූ පළමු තරගයේ දී මෙවර තරගාවලිය සඳහා එක් නොවන එම කණ්ඩායමේ නිත්‍ය නායක රිෂාබ් පාන්ට්ගේ ජර්සිය ප්‍රදර්ශනය කරන්නට කටයුතු කර තිබූ අයුරු දක්නට ලැබුණා.

රිෂාබ් පාන්ට්ගේ අංක 17 ජර්සිය දිල්ලි කැපිටල්ස් ඩගවුටයේ වහලයේ එල්ලා තරගය අතර තුර ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර තිබුණේ එම කණ්ඩායමේ පුහුණුකරු රිකී පොන්ටින්ගේ අදහසකට අනුවයි.

කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය යළිත් එම ක්‍රියාව නොකරන ලෙසට දිල්ලි කණ්ඩායමට අවවාද කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය අද (04) වාර්තා කර තිබුණේ.

එවැනි ක්‍රියා සිදුකිරීමෙන් වැළකී සිටින ලෙසත් දිල්ලි කණ්ඩායමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය උපදෙස් දී ඇති බව වාර්තා වනවා.

ක්‍රීඩකයෙකුට ඇති වූ ඛේදවාචකයක දී හෝ විශ්‍රාම යාමකදී එවැනි අභිනයක් සිදුකළ ද, රිෂාබ් පාන්ට් සුවය ලබමින් සිටින අවස්ථාවක එවැනි ක්‍රියාවක් සිදුකිරීම යෝග්‍ය නොවන බවයි ඉන්දීය ක්‍රිකට් ආයතන සඳහන් කර ඇත්තේ.

පසුගිය දෙසැම්බරයේ දී පාන්ට්ට බිහිසුණු රිය අනතුරකට මුහුණ පෑමට සිදු වූ අතර, ඒ හේතුවෙන් ඔහුට සැලකිය යුතු කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්විමටයි සිදුව ඇත්තේ.

ඒ, හේතුවෙන් ඔහුට මෙවර අයි.පී.එල්. තරගාවලිය මඟ හැරී ගියා.

2 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?