නිත්‍ය නායකයාට කෘතගුණ සලකන්න ගිය දිල්ලි කැපිටල්ස් පිළට තොප්පියක් (ඡායාරූප)

2023 අයි.පී.එල්. තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහභාගී වූ පළමු තරගයේ දී මෙවර තරගාවලිය සඳහා එක් නොවන එම කණ්ඩායමේ නිත්‍ය නායක රිෂාබ් පාන්ට්ගේ ජර්සිය ප්‍රදර්ශනය කරන්නට කටයුතු කර තිබූ අයුරු දක්නට ලැබුණා.

රිෂාබ් පාන්ට්ගේ අංක 17 ජර්සිය දිල්ලි කැපිටල්ස් ඩගවුටයේ වහලයේ එල්ලා තරගය අතර තුර ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර තිබුණේ එම කණ්ඩායමේ පුහුණුකරු රිකී පොන්ටින්ගේ අදහසකට අනුවයි.

කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය යළිත් එම ක්‍රියාව නොකරන ලෙසට දිල්ලි කණ්ඩායමට අවවාද කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය අද (04) වාර්තා කර තිබුණේ.

එවැනි ක්‍රියා සිදුකිරීමෙන් වැළකී සිටින ලෙසත් දිල්ලි කණ්ඩායමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය උපදෙස් දී ඇති බව වාර්තා වනවා.

ක්‍රීඩකයෙකුට ඇති වූ ඛේදවාචකයක දී හෝ විශ්‍රාම යාමකදී එවැනි අභිනයක් සිදුකළ ද, රිෂාබ් පාන්ට් සුවය ලබමින් සිටින අවස්ථාවක එවැනි ක්‍රියාවක් සිදුකිරීම යෝග්‍ය නොවන බවයි ඉන්දීය ක්‍රිකට් ආයතන සඳහන් කර ඇත්තේ.

පසුගිය දෙසැම්බරයේ දී පාන්ට්ට බිහිසුණු රිය අනතුරකට මුහුණ පෑමට සිදු වූ අතර, ඒ හේතුවෙන් ඔහුට සැලකිය යුතු කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්විමටයි සිදුව ඇත්තේ.

ඒ, හේතුවෙන් ඔහුට මෙවර අයි.පී.එල්. තරගාවලිය මඟ හැරී ගියා.

2 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21