නිකිණි පුර පසළොස්වක පෝය අදයි

නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදට (30) යෙදී ඇත.

ශාසන ඉතිහාසයේ විශේෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් නිකිණි පුර පසළොස්වක පොහෝදිනය බෞද්ධයින්ට වැදගත් වී ඇත.

ශාසන ප්‍රතිපත්තීන්ට අනුව පෙරවස් එළඹීමට නොහැකි වූ උපසම්පදා භික්ෂුන් වහන්සේලා නිකිණි පුන් පොහෝ දිනයේදී පසුවස් එළඹීම සිදු කරති. අජාසත් රජුගේ දායකත්වයෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා, රජගහ නුවර දී ප‍්‍රථම ධර්ම සංගායනාව පැවැත් වූ දිනය ලෙස ද මේ පොහෝ දිනය සළකනූ ලබයි.

ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම, බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල මංගල චෛත්‍ය ඉදිකිරීම ආදී වැදගත් සිදු වීම් රැසක් ශාසන ඉතිහාසයෙන් වාර්තා වෙයි. එමෙන් ම අද දින ශ්‍රී ලාංකික බෞද්ධයෝ ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවේ ද විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් සිදු කරති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?