නැරඹුම් මැදිරියක් පීල්ලෙන් පිට යයි

බදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වු මගී සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ නැරඹුම් මැදිරිය පීලි පැන තිබෙනවා.

දසත වාර්තාකරු පැවසුවේ අද (24) දහවල් 12.30 ට පමණ ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථාන අතර දී 1596 දරණ දුම්රිය ධාවනය වන අතරතුර දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි.

ඒ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇති බව බදුල්ල දුම්රිය පාලක මැදිරිය පවසනවා.

දුම්රිය පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදු ව තිබෙනවා.

දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට කඩිනමින් සිදු කෙරෙමින් පවතින බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?