නැමීබියාවේ ජනාධිපති හේගේ ගෙයින්ගෝබ් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
82 හැවිරිදි වියේ පසු වූ ජනාධිපතිවරයා එරට අගනුවර පිහිටි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (03) මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
හේගේ ගෙයින්ගෝබ් ජනාධිපතිවරයා පිළිකා රෝගයෙන් පීඩා විඳි අතර, ඔහු පිළිකා රෝගයෙන් පෙළෙන බවට පසුගිය මාසයේ එරට ජනතාවට හෙළි කළා.
ඔහු 2015 වසරේ දී නැමීබියාවේ ජනාධිපති ධුරයට තේරී පත් වූ අතර, මියයන විට ඔහුගේ දෙවන සහ අවසාන ධූර කාලයෙහි සේවය කරමින් සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
3
+1
+1




