නැටුම් දෙකකට ලංකාවේදී කෝටි 02ක් අය කරපු ’ශිවන්‍යා’

‘මෝනි රෝයි’ යනු ශ්‍රී ලාංකීය රූපවාහිනී නරඹන ප්‍රේක්‍ෂකාගාරය හොඳින් දන්නා ඉන්දීය රංගන ශිල්පිනියකි. ඇය එලෙසින් ශ්‍රී ලාංකීය ප්‍රේක්‍ෂකයින් අතර ප්‍රකටව සිටින්නේ ‘‘ප්‍රේම දඩයමේ’’ ශිවන්‍යාගේ චරිතය නිසාය. මෙනිසා බොහෝ දෙනෙක් ඇය හඳුනන්නේ මෝනි රෝයි යන නාමයට වඩා ප්‍රේම දඩයම කතාවේ ‘ශිවන්‍යා’ යන නමිනි. මේ සුරූපී ඉන්දීය තාරකාව පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියේ තිකෝ (Thico) ෆිල්ම්ස් තෙවැනි සිනමා නිර්මාණය ලෙස නිර්මාණය වන පුබුදු චතුරංග අධ්‍යක්‍ෂණය කරන ‘‘මායා – 2’’ චිත්‍රපටයේ මුහුරත් උළෙලට සහභාගි වීම වෙනුවෙනි. කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ පැවැති මෙම උත්කර්ෂවත් උළලේ දී ශිවන්‍යා නොහොත් සුරූපී ‘මෝනි රෝයි’ චන්දන වික්‍රමසිංහ රංගායතනයේ නර්තන ශිල්පීන් සමග ඉදිරිපත් කළ නර්තනය කාගෙත් කතා බහට ලක් වූ අවස්ථාවක් විය. සුරූපී මෝනි රෝයි ඇයගේ අපූරු නර්තන හැකියාවෙන් ප්‍රේක්‍ෂකාගාරය වශීකෘත කරගත් බව කිව හැකිය. එලෙසින් ශ්‍රී ලංකාවට ආ මෝනි රෝයි ගැන කෙරෙන විස්තරයකි මේ.

ඇයි ශිවන්‍යා නොහොත් මෝනි රෝයි ලංකාවට ගෙන්වූයේ? 

මෝනි ගැන විස්තර කිරීමට පෙර අප ඒ ගැන විමසුවේ තිකෝ ෆිල්ම්ස් ආයතනයෙනි.

අපේ රටේ චිත්‍රපටයක මුහුණුරත් උළෙලක් මෙච්චර අති උත්කර්ෂවත් ලෙස කවදාවක් පවත්වලා නැහැ. අපේ සිනමාව වැටිලා තියෙන අවස්ථාවක ලොකු සද්දයක් දාන්නයි අපට ඕනෑ වුණේ. ඒ නිසයි මෙය මුහුරත් උළෙලකට එහා ගිය අන්තර්ජාතික සිනමා උළෙලක් විදියට අති උත්කර්ෂවත් ලෙස සංවිධානය කළේ.

තිකෝ (Thico) සමූහයේ සභාපතිනිය වන තිලිණි ප්‍රියමාලී මහත්මිය, එතුමියගේ ඉන්දියානු සබඳතා ප්‍රායෝජනයට ගෙන ලාංකීය ප්‍රේක්‍ෂකයා අතර ප්‍රකටව සිටින ‘ශිවන්‍යා’ නොහොත් මෝනි රෝයි මෙරටට කැඳවාගෙන එමට මූලිකත්වය ගත්තා.

මෝනි රෝයි මෙහි ගත කළ විදිය

ලංකාවට පැමිණි මෝනි රෝයි ශ්‍රී ලංකාවේ ගත කළේ දින දෙකක් පමණි. ඇය නවාතැන් ගෙන සිටියේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේය. ඇය වෙනුවෙන් ස්වීට් රූම් එකක් හෙවත් අධි සුඛෝපභෝගී කාමරයක් වෙන්කර තිබිණි. ඇය මෙරටට පැමිණ සිටියේ තනියම නොවේ. ඇයගේ කළමනාකරු, හැඩගැන්වීම් ශිල්පිනිය, නර්තනාංග පුහුණුකරු ඇතුළු අට දෙනෙකුගෙන් පමණ සමන්විත වූ කණ්ඩායමක් සමගය.

එසේ පැමිණ සිටිය ද මෝනි වඩාත් කැමැත්තක් දැක්වූයේ තනියම නිදහසේ කාලය ගත කිරීමටය. ෂැංග්‍රිලා පරිශ්‍රයේ තනියම ඇවිද ගිය ඇය කොළඹ අවට සිරි නැරඹීම කළ අතර ඇය කැමති අවන්හල් වෙත ගොස් රිසිසේ ආහාරපාන ගැනීමට ප්‍රිය කළාය. ඒ සියල්ලට වඩා ඇය වඩාත් ප්‍රිය කළේ තමාගේ ජංගම දුරකථනයෙන් සෙල්ෆි ඡායාරූප ගැනීමටය. කොළඹ ලස්සන ලස්සන තැන්වලට තනියම ඇවිද ගිය ඇය සෙල්ෆි ඡායාරූප රැගෙන ඒවා ඇයගේ සමාජ ජාලා වෙබ් අඩවිවල පළ කිරීමට ද කටයුතු කළාය.

මාර්තු 19 දා රාත්‍රියේ ඇයට නියමිතව තිබුණේ මායා – 2 චිත්‍රපටයේ මුහුරත් උළෙලට සමගාමීව සංවිධානය කර තිබූ ප්‍රාසාංගික ඉසව්වේ දී නර්තන අංග දෙකක් ඉදිරිපත් කිරීමටය. ඇයගේ සහායට සහාය නර්තන ශිල්පීන් ලෙස දායක වූයේ චන්දන වික්‍රමසිංහ ප්‍රවීනයාගේ නර්තන කණ්ඩායමේ සිසු සිසුවියන්ය. මෙම නර්තන අංග ද්විත්වය ශිවන්‍යා නොහොත් මෝනි රෝයි ඉදිරිපත් කළ විදිය සැබැවින්ම අතිශය අලංකාරය. ඇයගේ නර්තනය එතරම්ම සිත් ඇද ගන්නා වූ අවස්ථාවක් විය.

නර්තන ශිල්පිනියකට අවශ්‍ය සහ පිහිටා තිබිය යුතු සිරුරේ හැඩය සහ නම්‍යශීලි රිද්මය නිසා ඒ නර්තනය වඩාත් කැපී පෙනුනි.
මෝනි රෝයි කියන්නේ ඉන්දීය ෆිල්ම් ෆෙයාර් සම්මානයට පවා නිර්දේශ වූ රංග ශිල්පිනියක්. ඇය හරිම වෘත්තීය ලෙස සියල්ල අකුරටම කරන කෙනෙක්.

අපෙන් කිසිදු අමතර ඉල්ලීම් කළේ නැහැ. ඇය ආවේ මේ උළළේ දී නර්තන අංග ඉදිරිපත් කරන්න. ඉතින් ඇය ඊට උපරිම සාධාරණයක් කළා.

තිකෝ ෆිල්ම්ස් ආයතනය මෝනි ගැන පැවසුවේ එලෙසිනි. මෙම අවස්ථාවට සහභාගි වීම වෙනුවෙන් මෝනි රෝයි රුපියල් ලක්‍ෂ 200 ක් හෙවත් කෝටි දෙකකට ආසන්න මුදලක් අය කර තිබේ. ඉතින් ඇය ද සහභාගි වූ මායා- 2 චිත්‍රපටයේ මුහුරත් උළෙල වෙනුවෙන් වූ මෙම අමුතු ප්‍රාසාංගික ඉසව්ව සංවිධානය කිරීම වෙනුවෙන් තිකෝ සමූහය වෙනුවෙන් තිකෝ ෆිල්ම්ස් ආයතනය රුපියල් කෝටි පහක් පමණ වැය කළ බව සඳහන් කරයි.

මෝනි රෝයි ගැන කෙටියෙන්

මෝනි රෝයි උපන්නේ 1985 සැප්තැම්බර් 28 දා බටහිර බෙංගාලයේ කෝච් බිහාර් හිදීය. කතක් නර්තනයට උපන් හපනියක වන ඇය රංගන ශිල්පිනියකට අමතරව ගායන ශිල්පිනියක සහ නිරූපිකාවක ද වන්නීය. ටෙලිවිෂනයේ ගමන ඇය පටන් ගත්තේ 2007 දීය. රෝයි යනුවෙන් හැඳින්වෙන ඇයගේ පරපුර පැවත එන්නේ කලා පවුලක් ලෙසය. සීයා වේදිකාවේ ප්‍රකට චරිතයක්ව සිටි ශේඛර් චන්දා රෝයි වේ. රොයිගේ මව මුක්ති වේදිකාවේ ප්‍රකට චරිතයකි. පියා අනිල් රෝයි කෝච් බිහාර් නාගරික පරිපාලනයේ අධිකාරිවරයෙකු ලෙස කටයුතු කර තිබේ. කෝච් බිහාර්හි සිට පාසල් අධ්‍යාපනය හමාර කළ ඇය දිල්ලියට ගියේ සරසවි අධ්‍යාපනය ලැබීමටය. ජමියා මිලියා ඉස්ලාමියා සරසවියෙන් ජනමාධ්‍ය පිළිබඳව වූ උසස් අධ්‍යාපනය ලබා තිබේ. ඉනික්බිතිව ඇය මුම්බායි වෙත ගියේ ළමා කාලයේ සිට ආසා කළ රංගනය වෙතින් යමක් කිරීමේ අරමුණ දරා ගෙනය. ඊට හේතුව වූයේ කුඩා කල සිටි භාරතීය සිනමාවේ තාරකාවන් වන මධුබලා, මධුරි ඩික්සිත්, වශිඩා රෙන්මන්ගේ රංගනයන්ට වසඟ වී සිටි නිසාය.

2006 දී පමණ මෝනි රෝයි ඇයගේ රංගන දිවියේ ආරම්භය සනිටුහන් කර ගැනීමට සමත් වූ අතර ඉනික්බිතිව ඇය ඉන්දීය ටෙලිවිෂනයට නැතිවම බැරි තාරකාවක් බවට පත් වූවාය.

ඒ ආ ගමනේදී භාරතීය ටෙලි ක්ෂේත්‍රය ඇය මවිතයට පත් කරවූයේ නාගීන් (Naagin) ටෙලි මාලාවේ ‘ශිවන්‍යා’ වීමත් සමගය. එම ටෙලි මාලාව එනිසාම කොටස් 1, 2, 3 වශයෙන් දිගින් දිගටම නිර්මාණය කිරීමට එහි නිෂ්පාදන කණ්ඩායම කටයුතු කළේය. මෙම නාගීන්හි ‘ශිවන්‍යා’ වූ මෝනි රෝයි ඉන්දීය ටෙලිවිෂනයේ වැඩිම මුදලක් අය කරන තාරකාව බව එතැන් සිට තම නාමය සනිටුහන් කර ගත්තාය.
සුරූපී මෝනි රෝයි විවාහ වූයේ මෙම වසරේ මුල දීය. එනම් ජනවාරි 27 වෙනිදාය. වසර තුනක පමණ ප්‍රේමයෙන් බැඳී වෙලී සිටියේ ඩුබායි රාජ්‍යයේ ව්‍යාපාරිකයකු ලෙස ප්‍රකටවී ව්‍යාපාර පවත්වාගෙන යන ඉන්දීය ජාතික සුරාජ් නම්බියාර් සමගය. එම ප්‍රේමය විවාහයෙන් කෙළවර වූයේ එලෙසිනි. ඇයගේ සහ සුරාජ්ගේ විවාහ උත්සවය ගෝවේ පන්ජාලි හිදී පැවැත්වුණේ මලයාලි සහ බෙංගාලි සිරිත්වලට අනුවය.

‘‘මොනි රෝයි’ හට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගෝලඩන් වීසා ප්‍රදානය කර තිබෙන්නේය, ඕනෑ නම් ඇයට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුරවැසිභාවය ලබා ගත හැකිය. 

සුරූපි මෝනි ලංකාවෙන් පිටව යාමට පෙර ලංකාවේ ප්‍රේක්‍ෂකාගාරය ගැන පැවසුවේ මෙලෙසිනි.

ඇත්තටම මට හරි සතුටුයි. ලාංකීය ප්‍රේක්‍ෂකයින් තවමත් මට ආදරෙයි. ඒ ආදරයට පිළිගැනීමට මම ගරු කරනවා. මට මේ සංචාරය ගෙන දුන්නේ තවත් අලුත් අපුරු අත්දැකීමක්. ලංකාවේ මිනිස්සුන්ට මමත් ආදරෙයි. මෙහි සුන්දරත්වය රිසිසේ නරඹන්න ආයෙත් දවසක එන්න ඕනෑ. මට මේ සංචාරයට ආරාධනා කළ තිකෝ ෆිල්ම්ස් ආයතනයට මගේ ස්තුතිය පුද කරන්න කැමතියි.

සඳුන් ගමගේ

image 7721192479
image a105c59ac4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තවත් SF නිලධාරින් සෙට් එකක්ම මහරට බහියි - මීක් නැතිවෙන්නම ආරක්ෂාව යොදයි
01:41
Video thumbnail
යුද හමුදාපතිත් දැඩි ආරක්ෂාව මැද මහරට - සුපිරි වාහන පොළීමක් එක්ක ආ හැටි
01:43
Video thumbnail
කළු ඇඳගත් SF නිලධාරින් මහර බන්ධනාගාරයට එන අයුරු - ප්‍රදේශයටම දැඩි ආරක්ෂාවක්
00:56
Video thumbnail
මිනිස්සු යවද්දි උණුසුම් තත්ත්වයක් - කරුණාකරලා ගෙවල්වලට යන්න දැන් ඇඳිරි නීතිය දාලා
03:27
Video thumbnail
රාගම පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවයි - බන්ධනාගාරයට නේවි එකෙමුත් බහියි
02:07
Video thumbnail
ඇයි සර් මෙච්චර හමුදාව, පොලිසිය ගෙනල්ලා - ඒ වුණාට සර් වෙ# තියනවා ඇහෙනවනේ ?
00:55
Video thumbnail
බස්නාහිර උතුරභාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහරට පැමිණෙයි - යන්න අම්මේ අරහෙට"
01:14
Video thumbnail
බන්ධනාගාරය නිරීක්ෂණයට ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා එයි - ආරක්ෂාව තව තවත් දැඩි කරයි
02:01
Video thumbnail
"අහිංසකයන්ට වෙ# තියෙන්නෙ..දෙයියන්ට පොල් ග#ලා දෙයියොත් කෝප කරවලා"ඥාතීන් යකා නටයි
03:20
Video thumbnail
බන්ධනාගාරයට හමුදා විශේෂ යතුරුපැදි කණ්ඩායම් පැමිණෙයි - මෙන්න නවතම දර්ශන
01:13