Empty Ad
AFC Banner
Empty Ad

නාවික හමුදාපති, කතානායකවරයා හමුවෙයි

නාවික හමුදාපති, වයිස් අද්මිරාල් කාංචන බානගොඩ ඊයේ (16) පාර්ලිමේන්තුවේ දී කතානායක ජගත් වික්‍රමරත්න හමු වුණා.

මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර සහ වේත්‍රධාරී කුෂාන් ජයරත්න ද එක්ව සිටියා.

මෙම හමුවේ දී පාර්ලිමේන්තුව තුළ ඇතැම් ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ලබාගත හැකි සහාය පිළිබඳව සාකච්ඡා කෙරුණා.

එහිදී එම ව්‍යාපෘතීන් සාර්ථකව නිම කිරීම සඳහා නාවික හමුදාවේ විශේෂඥ දැනුම සහ සහාය ලබාදීමට සූදානම් බවයි නාවික හමුදාපතිවරය මෙහිදී සඳහන් කළේ.

ජාතික ආරක්ෂාව සහ සංවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉටු කරනු ලබන සුවිශේෂී කාර්යභාරය කතානායකවරයාගේ ඇගයීමට ලක් වුණා.

එමෙන්ම පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා නාවික හමුදාවේ විශේෂඥ දැනුම සහ සහාය ලබාදීමට එකඟතාව පළ කිරීම පිළිබඳව සිය ප්‍රසාදය පළ කළා.

එමෙන්ම කාර්යක්‍ෂම සහ පිරිවැය ඵලදායී ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රාජ්‍ය ආයතන අතර සහයෝගීතාවයේ වැදගත්කම ද කතානායකවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?