නාවලපිටියේ නගර සභාවේ පූර්ණ බලය ස්වාධීන කණ්ඩායම් වෙත

නාවලපිටිය නගර සභාවේ සභාපති ධුරය සහ උප සභාපති ධුරය ස්වාධීන කණ්ඩායම් වෙත හිමි ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, අද (25) උදෑසන නාවලපිටිය නගර සභාවේ මංගල සභා රැස්වීම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් නගර සභා රැස්වීම් ශාලාවේ දී පැවැත්වුණු බවයි.

එම මහ නගර සභාවේ නව සභාපතිවරයා වශයෙන් ස්වාධීන කණ්ඩායම් අංක 02 යටතේ සභාවට තේරී පත් වූ එම නගර සභාවේ හිටපු නගරාධිපති අමල් ප්‍රියංකර මහතා ඡන්ද 09ක් ලබා ගනිමින් තේරී පත් වුණා.

එම සභාවේ උප සභාපතිවරයා වශයෙන් ස්වාධීන කණ්ඩායම් අංක 01 යටතේ කරුපප්නන් සුරේෂ්වරන් මහතා ඡන්ද 09ක් ලබා ගනිමින් තේරී පත් වුණා.

ජාතික ජන බලවේගයෙන් තිලක් අමරිසිරි සිරිසේන සහ උප සභාපතිවරයා වශයෙන් හේවගේ ප්‍රසන්න යෝජනා කළ අතර, ඔවුන් දෙදෙනාම පැවති විවෘත ඡන්දයෙන් ලබාගත්තේ ඡන්ද 05 බැගින් පමණයි.

එම සභාව නියෝජනය කරන සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරයෙකු ස්වාධීනව කටයුතු කරනු ලැබුවා.

නාවලපිටිය නගර සභාවට ජාතික ජන බලවේගයෙන් මන්ත්‍රී ධුර 5ක්, ස්වාධීන කණ්ඩායම් අංක 01 මන්ත්‍රී ධුර 02ක්, සමගි ජන බලවේගයෙන් මන්ත්‍රී ධුර 2ක්, එක්සත් ජාතික සන්ධානයෙන් එක් මන්ත්‍රී ධුරයක් වහ්සයෙන් නගර සභාව සභිකයින් 15 දෙනෙකුගෙන් සමන්විතයි.

බහුතර බලයක් කිසිදු කණ්ඩායමකට හිමි නොවූ නිසා ස්වාධීන කණ්ඩායම් එක් වී නාවලපිටිය නගර සභාවේ සභාපති ධුරය සහ උප සභාපති ධුරය හිමි කරගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
8
+1
0
+1
2
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?