නාලිකාවක කුණුහරුප සිංදු විකාශය කල 03ක් අත්අඩංගුවට

අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ අසභ්‍ය වචන යොදා කිහිපයක් ප්‍රචාරය කළේ යැයි එහි පරිපාලකයන් ලෙස කටයුතු කල තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

එම ගීත ප්‍රචාරය සඳහා අනුග්‍රහය දක්වා ඇත්තේ ඩුබායි රටේ දී මියගිය සංවිධානාත්මක අපරාධ කරුවකු වන කෙසෙල්වත්තේ දිනුක නැමැත්තා බව ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබේ.

එසේ අසභ්‍ය වචන යොදා සකස් කරන ලද ගීත අටක් සැකකරුවන් විසින් වසර කිහිපයක් තිස්සේ ප්‍රචාරය කරනු ලැබ ඇතැයි ද පොලිසිය කියා සිටී.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් ඇප මත මුදා හැර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !