AFC Banner
Empty Ad
Empty Ad

නාරංගල කන්දේ අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයා ගනී

බදුල්ල නාරංගල කන්දේ රාත්‍රීය ගත කරමින් සිටියදී ඊයේ (26) රාත්‍රියේ අතුරුදන්වූ තරුණයෙකු ගේ සිරුර අද(27) දවහල් සොයා ගෙන තිබේ.එම කන්දේ ප්‍රපාතයක තිබීයි මෙම තරුණයාගේ සිරුර සොයාගෙන ඇත්තේ

අවිස්සාවේල්ල මානියම පදිංචි මඩවත ආරච්චිගේ අකලංක පෙරේරා නමැති 22හැවිරිදි තරුණයෙක් මෙසේ ජිවිතක්ෂයට පත්වූයේ

නාරංගල කන්දේ කූඩාරමක් ඉදිකර මිතුරන් 6 දෙනෙකු සමග එහි රාත්‍රිය ගත කරමින් සිටියදී රාත්‍රී 9.30ට පමණ වැසිකිලි යන බව පවසා වතුර බෝතලයක්ද රැගෙන කූඩාරමෙන් පිටතට ගිය ඔහු යළි නොපැමිනි බව ඔහුගේ මිතුරන් පොලිසියට පවසා තිබේ.

යුධ හමුදාව සහ පොලිසිය සිදුකළ සෝදිසි මෙහෙයුමකදි ප්‍රපාතයක් තිබූ මෘත දේහය යුධ හමුදාව විසින් සොයා ගෙන තිබේ.මෙම නාරංගල කන්ද සංචරයට තහනම් ප්‍රදේශයක් බවයි සදහන් වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?