නාය යාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ – අදත් මහ වැසි

පවතින අධික වර්ෂාපතනයත් සමඟ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබූ නාය යාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ, අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය සහ නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, වලල්ලාවිට,මතුගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨායට ඉවත්වීමේ රතු නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ.

ඊට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කලවාන, රත්නපුර, ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර දෙක යට‍තේ අවදානයෙන් සිටීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, ගාල්ල දිස්ත්‍රික්කයේ ඉමදූව, අම්බලන්ගොඩ, යක්කලමුල්ල, තවලම, අක්මීමන, බෝපේ පෝද්දල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, ගම්පහ දිස්ත්‍රිකයේ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ, අගලවත්ත, බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, කෑගල්ල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, රුවන්වැල්ල, යටියන්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, මාතර දිස්ත්‍රික්කයේ තිහගොඩ, කිරින්ද පුහුල්වැල්ල, මාතර, මාලිම්බඩ, අතුරලිය, මුලටියන, හක්මන, කඹුරුපිටිය, හක්මන, කොටපොල, වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, කහවත්ත, ගොඩකවෙල, ඉඹුල්පේ, වැලිගෙපොළ, අයහම, ඕපනායක, පැල්මඩුල්ල, නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර එක යටතේ විමසිළිමත්ව සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

මේ අතර අනෙකුත් ප්‍රදේශවලට ද වැසි පවතින බැවින් කඳු ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවට වඩා සැලකිලිමත්ව පසුවන ලෙසයි දන්වා සිටින්නේ.

එමෙන්ම අද (07) දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකියි.

ඌව සහ නැඟෙනහිර පළාත්වල සහ පොළොන්නරුව, මාතලේ සහ මුලතිව් දිස්ත්‍රික්වලත් අද (07) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04
Video thumbnail
පුතා හිරේ ඉන්නකොටත් අම්මට රට පනින්න වෙලා තියෙන්නේ - කට්ටියට වේගෙන් හිරේ යන්න වෙනවා
04:34
Video thumbnail
නාමල්ට එක නීතියක්, කුමාර ජයකොඩිට තව නීතියක්
03:00
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:56
Video thumbnail
01 වෙනිදා සිට දඩ මුදල් පොලිසියට ඇවිත් ගෙවන්න පුළුවන් - නිවාඩු දින ප්‍රශ්නයක් නෑ - ඕනෑම වෙලාවක එන්න
04:01
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27