නායයාමක් නිසා පුද්ගලයන් 202ක් ආරක්ෂිත ස්ථාන වෙත

හල්දුම්මුල්ල පූනාගල ගල්බොක්ක ප්‍රදේශයේ නාය යෑමක් සක්‍රිය වීම හේතුවෙන් එහි පදිංචි පවුල් 49කට අයත් පුද්ගලයන් 202ක් ආරක්ෂිත වෙත යොමු කර තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය සඳහන් කළේ ප්‍රදේශයේ තේ වත්තක් ආශ්‍රිතව පිහිටි බෑවුම් සහිත ඉඩමක මෙම නාය සක්‍රිය වී ඇති බවයි. ඒ අනුවයි ඊට පහළින් පිහිටි නිවාස පේලියක පදිංචි පිරිසක් මෙලෙස ඉවත් කර ඇත්තේ.

මෙම පවුල් පදිංචිව සිටින නිවාස පේළිය ද ඉරිතලා පුපුරා ගොස් ඇති අතර ඒ පිළිබඳ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැමිණ භූමි පරීක්ෂාවක් සිදු කිරීමට නියමිත බව ද ආපදා කළමණාකරණ ඒකකය සඳහන් කළා.

අවදානම හමුවේ ඉවත් කළ පවුල් පූනාගල අංක දෙක දෙමළ විදුහල, ගල් බොක්ක දිවා සුරැකුම් මධ්‍යස්ථානය සහ ඥාති නිවෙස්වල රඳවා තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය වියළි සලාක ලබා දීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි හල්දුම්මුල්ල ආපදා සහන සේවා නිලධාරීවරයා ප්‍රකාශ කළේ.

මේ අතර කොස්ලන්ද නාවුල්ල ප්‍රදේශයේ දී ඊයේ සිදුවූ නායයාමක් හේතුවෙන් පවුල් හතරක පුද්ගලයින් 16 දෙනෙකු ඉවත් කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ. ඒ. ජේ. ප්‍රියංගිකා මහත්මිය කියාසිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?