නායයාමක් නිසා පුද්ගලයන් 202ක් ආරක්ෂිත ස්ථාන වෙත

හල්දුම්මුල්ල පූනාගල ගල්බොක්ක ප්‍රදේශයේ නාය යෑමක් සක්‍රිය වීම හේතුවෙන් එහි පදිංචි පවුල් 49කට අයත් පුද්ගලයන් 202ක් ආරක්ෂිත වෙත යොමු කර තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය සඳහන් කළේ ප්‍රදේශයේ තේ වත්තක් ආශ්‍රිතව පිහිටි බෑවුම් සහිත ඉඩමක මෙම නාය සක්‍රිය වී ඇති බවයි. ඒ අනුවයි ඊට පහළින් පිහිටි නිවාස පේලියක පදිංචි පිරිසක් මෙලෙස ඉවත් කර ඇත්තේ.

මෙම පවුල් පදිංචිව සිටින නිවාස පේළිය ද ඉරිතලා පුපුරා ගොස් ඇති අතර ඒ පිළිබඳ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැමිණ භූමි පරීක්ෂාවක් සිදු කිරීමට නියමිත බව ද ආපදා කළමණාකරණ ඒකකය සඳහන් කළා.

අවදානම හමුවේ ඉවත් කළ පවුල් පූනාගල අංක දෙක දෙමළ විදුහල, ගල් බොක්ක දිවා සුරැකුම් මධ්‍යස්ථානය සහ ඥාති නිවෙස්වල රඳවා තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය වියළි සලාක ලබා දීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි හල්දුම්මුල්ල ආපදා සහන සේවා නිලධාරීවරයා ප්‍රකාශ කළේ.

මේ අතර කොස්ලන්ද නාවුල්ල ප්‍රදේශයේ දී ඊයේ සිදුවූ නායයාමක් හේතුවෙන් පවුල් හතරක පුද්ගලයින් 16 දෙනෙකු ඉවත් කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ. ඒ. ජේ. ප්‍රියංගිකා මහත්මිය කියාසිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09