AFC Banner
Empty Ad
Empty Ad

නායකයින් බිහි වන්නේ ජනතාව අතරින් – මහින්ද

නායකයින් බිහි වන්නේ ජනතාව අතරින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

නිල සංචාරයක් නිමාකරමින් චීනයේ සිට ඊයේ (01) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේ දී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනවා ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

එහිදී ඔහු සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කිරීමට තවමත් අපේක්ෂකයෙකු තෝරාගෙන නොමැති බවයි.

චීනයේ බෙයිජිං නුවර පැවති ” සාමකාමී සහජීවනය පිළිබඳ පස් වැදෑරුම් මූලධර්ම ප්‍රකාශයට පත් කිරීමේ 70 වන සංවත්සරය උළෙලට” සහභාගී වීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා ඊයේ (01) රාත්‍රියේ යළි දිවයිනට පැමිණියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා චීන ජනාධිපති ෂී ජින්පින් මැතිතුමා මෙන්ම එරට විදේශ අමාත්‍ය වෑන් යී සමඟ ද සාකච්ඡා කළ බවත්, එම සාකච්ඡා සාර්ථක බවත්, චීන රජය ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරියටත් යහපත් ස්ථාවරයක පසුවන බවත් සඳහන් කළා.

මේ අතර ආර්.සම්පන්දන්ගේ මිය යාම දෙමළ ජනතාවටත් පොදුවේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයටත් විශාල පාඩුවක් බව ද ඔහු මෙහි දී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
17
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?