නායකයින් බිහි වන්නේ ජනතාව අතරින් – මහින්ද

නායකයින් බිහි වන්නේ ජනතාව අතරින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

නිල සංචාරයක් නිමාකරමින් චීනයේ සිට ඊයේ (01) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේ දී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනවා ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

එහිදී ඔහු සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කිරීමට තවමත් අපේක්ෂකයෙකු තෝරාගෙන නොමැති බවයි.

චීනයේ බෙයිජිං නුවර පැවති ” සාමකාමී සහජීවනය පිළිබඳ පස් වැදෑරුම් මූලධර්ම ප්‍රකාශයට පත් කිරීමේ 70 වන සංවත්සරය උළෙලට” සහභාගී වීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා ඊයේ (01) රාත්‍රියේ යළි දිවයිනට පැමිණියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා චීන ජනාධිපති ෂී ජින්පින් මැතිතුමා මෙන්ම එරට විදේශ අමාත්‍ය වෑන් යී සමඟ ද සාකච්ඡා කළ බවත්, එම සාකච්ඡා සාර්ථක බවත්, චීන රජය ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරියටත් යහපත් ස්ථාවරයක පසුවන බවත් සඳහන් කළා.

මේ අතර ආර්.සම්පන්දන්ගේ මිය යාම දෙමළ ජනතාවටත් පොදුවේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයටත් විශාල පාඩුවක් බව ද ඔහු මෙහි දී පැවසුවා.

  1. MALIMAWA TA JAYAWEWA 👍🏾 👍🏾 ANURA thamai janathawa atharin inna eakama kena👍🏾
    Malimawa dinawanna mulu lankawama dan lasthi💪
    Mahinda Ranil sajith oyalata setti pochchi thamai😁
    ANURA apugaman oyàla okkoma hireta yanna balagena Inna 😁



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46