නාමල්ගේ මැතිවරණ ප්‍රචාරක රැලිවලට LECO රථයක් යොදාගත් බවට චෝදනාවක් ? (නිවේදනය)

ලංකා විදුලි පුද්ගලික සමාගමේ (LECO) නිල රථයක් තම මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදා ගත් බවට කරන චෝදනාව තරයේම ප්‍රතික්ෂේප කරන බව හිටපු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

අද (02) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නාමල් රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශයෙන් නිල නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කර ඇත්තේ.

ලංකා විදුලි පුද්ගලික සමාගමේ සුබසාධන අංශයට අයත් රථයක් ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගත් බවට නගන චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍ය හා පදනම් විරහිත වූවක් බවට ද නාමල් රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශය පවසනවා.

අනුරාධපුරයේ දී අගෝස්තු 21 දින පැවති මංගල ප්‍රචාරක රැලිය සඳහා නාමල් රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශය දැනුවත් ව ලංකා විදුලි පුද්ගලික සමාගමේ (LECO) රථයක් යොදාගෙන නොමැති බවටයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ලංකා විදුලි පුද්ගලික සමාගම (LECO) සිදුකළ මූලික අභ්‍යන්තර පරීක්ෂණයෙන් ද මෙම චෝදනාව දේශපාලනික එදිරිවාදිකම් අනුව යමින් සිදු කළ අසත්‍ය චෝදනාවක් බව හෙළි ව ඇතැයි වාර්තා වන බව ද එම නිවේදනයේ සඳහන් බවටයි නාමල් රාජපක්ෂ මාධ්‍ය ඒකකයේ මාධ්‍ය ලේකම් ෂෙරෝන් සමරනායකගේ අත්සනින් යුතුව නිකුත් කළ ලිපියෙහි දැක්වෙන්නේ.

යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් ඇත්නම් ඕනෑම පරික්ෂණයක් සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට නාමල් රාජපක්ෂ මහතා මෙන් ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද සූදානම් බව ද එහි වැඩිදුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34