නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම් 59ක් නිෂ්ප්‍රභ කෙරේ

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කර තිබූ රිට් පෙත්සම් 53ක් සහ මූලික අයිතිවාසිකම් පෙත්සම් 06ක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද (04) නියෝග කළා.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ මූලික විරෝධතා සැලකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල මෙම නියෝගය ලබා දුන්නා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා පළාත් පාලන පනතේ විධිවිධානයන්ට අනුකූලව පළාත් පාලන ඡන්ද විමසීමකට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීමක් හෝ තේරීම් භාර නිලධාරියවරයා විසින් ඉටු කරනු ලබන කටයුත්තක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සම් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බවත් ඇය අවධාරණය කළා.

එවැනි රිට් පෙත්සම් අභියෝගයට ලක් කළ හැක්කේ අභියාචනාධිකරණය හමුවේ බවත් මෙම පෙත්සම්  විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවත් ඇය පෙන්වා දුන්නා.

පෙත්සම්හි නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස් තුරෛයිරාජා, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් යන විනිසුරු මඬුල්ල ප්‍රකාශයට පත්කළා.

ජන අරගල සංවිධානය, ස්වාධීන කණ්ඩායම්, ශ්‍රී ලංකා මුස්ලිම් ක්‍රොංගසය සහ ඉලංගෛයි තමිල් අරසුකච්චි ඇතුළු මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින තවත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයක් මෙම පෙත්සම් ගොනු කර තිබුණා.

පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම ඇතුළු පිරිසක් නම් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Ambulance එකක් ත්‍රීවිල් එකක වැ# සිදුවූ අනතුර..ත්‍රීවිල් රියදුරු එතනම එළොව ගිහින්
01:10
Video thumbnail
ඉන්නේ අමු ගො#න් මී කට්ටියක්..ගො#න් බස් දෙසන්නේ..හරින් කට උත්තර නැතිවෙන්න ග#පු හින්ට් එක
04:21
Video thumbnail
අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වා දුන්න රෙද්දක් නෑ..රජයේ ව්‍යාපෘතියක් නිසා ගම්මු කුපිත වෙයි
06:04
Video thumbnail
මෝ# තීරණ කවුරු ගන්නවද දන්නේ නෑ.. දුම්‍ රිය නැවැත්වීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා..
04:21
Video thumbnail
PUCSL අදහස් දැක්වීමට ගිහින් විපක්ෂ නායක කෙළින්ම කියයි..පොඩි මනුස්සයාගේ බඩට ග#න ප්‍රතිපත්තියක් මේ
11:23
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22
Video thumbnail
🔴Breaking News
03:48
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු බස් අනතුරෙන් 4 දෙනෙකුට දිවි අහිමිවෙයි..40කට තුවාල..මෙන්න එහි නවතම දර්ශන
01:03
Video thumbnail
🔴Breaking News
01:30
Video thumbnail
සපිරි ගමක් කරන්න අපි ආවේ සුපිරි වැඩක් කරලා වැඩේ අවසන් කරනවා..තියෙනවා තමයි මාස ගණන්වලට තෙල්
03:54