නාඳුනන මළ සිරුරු දෙකක් හමුවෙයි

කිරිබත්ගොඩ සහ බෙන්තර ගගේ තිබී නාඳුනන පුද්ගල මළ සිරුරු දෙකක් හමුවී තිබෙනවා.

ඊයේ රාත්‍රී එක් සිරුරක් සොයා ගැණුනේ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුවයි.

එම ඇමතුම ලැබී ඇත්තේ ගාල හන්දියේ ශාරීරික සුවතා මංතීරුව අසලින් ගලා බසන ඇල මාර්ගයේ නාඳුනන මළ සිරුරක් ඇති බවට දන්වමින්.

පොලිසිය සඳහන් කළේ පැවති අධික වර්ෂාව හේතුවෙන් ඇල මාර්ගය ඔස්සේ පැමිණි ජල පහර හේතුවෙන් මෙම සිරුර ජලයේ ගසාගෙන පැමිණ ඇති බවටයි.

ඇල මාර්ගය පැමිණෙන ප්‍රදේශයන්ට අයත් කැලණිය සහ ගම්පහ කොට්ඨාසවල පොලිස් ස්ථානවලට සිරුර සම්බන්ධයෙන් දැනුම් දී තිබෙනවා.

මේ අතර අලුත්ගම වැලිපැන්න මාර්ගයේ අලුත්ගම මහජන පොළ පිටුපස බෙන්තර ගඟේ පාවෙමින් තිබූ නාඳුනන පිරිමි මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

ඊයේ සවස මෙම මළ සිරුර හමුවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මෙම සතිය ඇතුලත ගඟේ පාවී ආ දෙවැනි මළ සිරුර මෙයයි.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 55ක් පමණ අයෙක් බවට පොලිසිය සැක කරනවා.

මළ සිරුර කලුතර ශික්ෂණ රෝහලට යැවීමට කටයුතු යොදා ඇති අතර අලුත්ගම පොලිසිය මියගිය අය හඳුනා ගැනීම සඳහා මහජන සහාය පතනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධි ගංවතුර තත්ත්වයක්ද ? කෙටි කාලයක් තුළ වැඩි වර්ෂාවක්..නොපෙනෙන අනතුරු තියෙනවා
06:29
Video thumbnail
"බස් එක ගන්න එහාට..බස් එක ගන්න"වන අලි රංචුවක් විදුලි වැටත් කඩාගෙන වනාන්තරයට යන හැටි
01:51
Video thumbnail
කැලඹුණු කාලගුණය ගැන ජනතාවට දැනුම්දීමක්..අදත් බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
02:40
Video thumbnail
වාහන ගමනාගමනය සීමා කළ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව යළි විවෘතවෙයි
00:54
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා රජාංගන, අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති ඇයුරු
01:32
Video thumbnail
නිලධාරින්ට කට උත්තර නැතිවෙන්න ජනපති කිව්ව දේ.."ඇයි දුම්රිය දෙපාර්තමේන්තුව අකමැති ?තේරුමක් නෑ"
03:02
Video thumbnail
ජනපති සහ නිලධාරින් අතර උණුසුම් තත්ත්වයක්.."ඔහොම කරන්න බෑනේ..ඔයාලත් යමක් කරන්න"
07:08
Video thumbnail
මිල්ලනියේ 58 හැවිරිදි කතක් බිගිසුණු අයුරින් එළොව යවලා..
00:59
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14